28.9 C
Colombo
Saturday, April 27, 2024

කංසා වගා කළා නම් කාගෙන්වත් ණය ගන්න ඕනේ නෑ -ඩයනා ගමගේ

- Advertisement -

කංසා බෝගය වගා කිරීමෙන් මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය වන ඊයේ (16) දිනයේ එම විවාදයට සහභාගී වෙමින් ඇය එම අදහස් පළ කළා.

ඇය පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින් කංසා වගාව තහනම් කරමින් මීට දශක ගණනකට පෙර ගෙනා නීති අණපනත්වල තවමත් රටක් වශයෙන් අප සිරවී සිටින බවයි.

කංසා වගාව මත්ද්‍රව්‍යයක් ලෙස නොව ඖෂධ, රූපලාවන්‍ය ද්‍රව්‍ය, දත් බෙහෙත් යනාදී විවිධ දේ වෙනුවෙන් භාවිතා කරන මිල අධික බෝගයක් බවට ඩයනා ගමගේ මහත්මිය පෙන්වා දෙනවා.

මෙය නිසි පරිදි සිදුකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම නොකර මෙරට ණය බරින් මුදවාගත හැකි බවට ඇය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පවසා සිටියා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...