29 C
Colombo
Sunday, April 28, 2024

ෆේස්බුක් ගිණුම් සහ පරිශීලකයන් පිළිබඳ ශ්‍රී ලංකා රජය කළ විමසීම්වල කිසිම පදනමක් නැහැ – ෆේස්බුක් සමාගම

- Advertisement -

මෙරට ෆේස්බුක් පරිශීලක ගිණුම් සහ පරිශීලකයින් පිළිබඳ තොරතුරු විමසමින් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම් 55 කට ෆේස්බුක් සමාගම කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව එම සමාගමේ නවතම පාරදෘෂ්‍ය වාර්තාවක් පෙන්වා දෙයි.

ඒ අනුව 2020 දෙසැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා රජයෙන් ෆේස්බුක් වෙත ලැබී තිබුණු ඉල්ලීම් සංඛ්‍යාව 57ක් වේ.

එම ඉලීම්වලින් 44 ක් ෆේස්බුක් වෙතින් දත්ත ලබා ගන්නා නෛතික ක්‍රියාවලිය ඔස්සේ සිදු කෙරුණු ඉල්ලීම් වන අතර ඉතිරි 11 හදිසි අනාවරණය කර ගැනීමේ ඉල්ලීම මත සිදු කෙරුණු ඉල්ලීම් වේ.

එම ඉල්ලිම් අතර පරිශීලකයන් සහ ගිණුම් පිළිබඳ කෙරුණු විමසීම් 70ක් වන බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කරමින් ෆේස්බුක් සමාගම වැඩිදුරටත් පවසා ඇත්තේ අදාළ නීති සහ අපගේ කොන්දේසිවලට අනුකූල දත්ත සඳහා පමණක් ෆේස්බුක් ආයතනය රජය වෙත ප්‍රතිචාර දක්වන බවයි.

ලැබෙන සෑම ඉල්ලීමක් පිළිබඳවම නීතිමය වශයෙන් ප්‍රවේශමෙන් සමාලෝචනය සිදු කරන බවත් ඕනෑවට වඩා පුළුල් සහ අපහැදිලි ලෙස පෙනෙන ඉල්ලිම් ප්‍රතික්ෂේප කරන බව ද සමාගම දන්වා තිබේ.

මීට ඉහත අවස්ථාවල දී ශ්‍රී ලංකා රජයෙන් කෙරුණු ඇතැම් ඉල්ලීම් සලකා බලමින් ප්‍රතිචාර දැක්වූ බව ෆේස්බුක් ආයතනය පවසා තිබේ.

මෙරට රජය විසින් සිදුකෙරුණු විමසීම්වලට ෆේස්බුක් ආයතනය එලෙස ප්‍රතිචාර දී තිබිය දී සමාජ මාධ්‍ය පරිශීලකයන් පසුපස හඹා යෑමට රජය මේ වන විවිධ ආකාරයෙන් කටයුතු කරමින් සිටියි.

අන්තර්ජාලය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කර මහජනතාව මුලා කිරීමට කටයුතු කරන පිරිස් සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට භාරදීමට රජය කටයුතු කර තිබෙන අතර මේ වන විටත් සමාජ ක්‍රියාකාරිකයකු වන තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් මැතිව් අත් අඩංගුවට ගැනීමට ද කටයුතු කර තිබේ.

ෆේස්බුක් සමාගම මේ පිළිබදව ඉදිරිපත් කල වාර්තාව පහත සබැදියෙන්,
https://transparency.fb.com/data/government-data-requests/country/lk

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...