27 C
Colombo
Monday, April 29, 2024

හරක්කටාගේ මස්සිනා සතු දේපළ ගැන විමර්ශන

- Advertisement -

නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වන ගයාන් ධනුෂ්ක නම් පුද්ගලයාට අයත් රුපියල් කෝටි එකහමාරක පමණ වටිනාකමකින් යුත් ඉඩමක් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් තහනම් කර තිබෙනවා.

ඔහුගේ දේපළ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන සිදුකර තිබෙන අතර එහිදී අනාවරණ වී ඇත්තේ, නුගේගොඩ පිහිටි රුපියල් කෝටි එකහමාරක පමණ ඉඩමක් ඔහු සතුව ඇති බවයි.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයෙන් පසුව අදාළ ඉඩම තහනම් කර තිබෙනවා.

ඒ අතරතුරදී ඔහුට ඇප ලැබීම හේතුවෙන් සැකකරු ජපානයට පළාගොස් තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවට වාර්තා වනවා.

මේ අතර වෙලේ සුදාගේ සමීපතමයන් දෙදෙනෙකුට අධිකරණය වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ නීතිවිරෝධීව උපයාගත් මුදලින් ලබාගත් සුඛෝපබෝගී වෑන් රථ දෙකක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

පසුව එම සුඛෝපභෝගී වෑන් රථ දෙකද ඊයේ (23) අධිකරණය මගින් රාජසන්තක කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...