27.8 C
Colombo
Friday, April 26, 2024

IOC තෙල් මිල වැඩි වෙනවාද? – නිවේදනයක්!

- Advertisement -

ලංකා IOC සමාගම විසින් ඉන්ධන මිල වැඩිකිරීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත් සම්පූ‍ර්ණයෙන්ම අසත්‍ය බව එම සමාගම පවසනවා.

එමෙන්ම, සමාගම සතු සීමිත පෙට්‍රල් සංචිත අද සහ හෙට දිනවලදී පිරවුම්හල් වෙත නිකුත් කරන බවත්, තොග සීමා වීම නිසා එලෙස ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහන අංකය අදාළ ප්‍රදේශයන්හි ලියාපදිංචි වී තිබේ නම් පමණක් බවත් දැක්වෙන ෆේස්බුක් පණිවිඩය ද අසත්‍ය බවයි ඔවුන් පවසන්නේ. දිස්ත්‍රික්ක කිහිපයකට වෙන් කළ දුරකථන අංක ද එමගින් දක්වා ඇති අතර, අදාළ අංකවලට විස්තර ලබාදුන් පසු ඉන්ධන සංචිත පිරවුම්හල් වෙත පැමිණි විගස කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙන බවත් අදාල ෆේස්බුක් සටහනේ දැක්වෙනවා.

කෙසේ නමුත්, මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් පිළිබඳව News19 වෙත තොරතුරු වාර්තා වනවා.

එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...