29.4 C
Colombo
Friday, April 26, 2024

රෝයල් එකට තමයි වගකීම තියෙන්නේ රට හදන්න..! – චාමර සම්පත්

- Advertisement -

වර්තමානයේ බිහිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ රජයක් බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ, අද (10) දින පාර්ලිමේන්තුව අමතමින්.

රෝයල් ආණ්ඩුව බිහි කිරීමට ගමේ පාසල් ගිය තමන් වැනි අය ඡන්දය ලබා දුන් බව ඔහු පවසනවා.

” අපි ඡන්දෙ දීලා ජනාධිපති කෙනෙක් හැදුවා රෝයල් එකෙන්. ඒ විතර්දක් නෙවෙයි අගමැති කෙනෙක් හැදුවා. විපක්ෂනායකත් රෝයල්. රට හදන්න පුලුවන් රෝයල්ලට. රෝයල් කියන්නේ රටම පිලිගත්ත ඉස්කෝලයක්. ලෝකෙ වටේම ඉන්නවා රෝයල් එකේ අය. ඒ අය රට හදන්න උදව් කරන්න ඕනෙ. රෝයල් එකට තමයි වගකීම තියෙන්නේ රට හදන්න. හැමෝටම වගකීමක් තියෙනවා රෝයල් ආණ්ඩුව ආරක්ෂා කරන්න.” යැයි ඔහු පවසනවා.

රාජකීය විද්‍යාලයේ ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීම සිදු නොකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...