ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ජස්වර් උමාර් තේරී පත් වී තිබෙනවා.
ඒ අද (29) පැවැති පාපන්දු නිලවාර්ණයෙන් ඡන්ද 45ක් ලබා ගනිමින්.
පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව තෝරා පත්කර ගැනීම සඳහා වන නිලවරණය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පැවැත්වුණා.
ඒ අනුව, අද පත්වන විධායක කමිටුව ලබන සිව් වසර දක්වා ශ්‍රී ලංකාවේ පාපන්දුව මෙහෙයවීමට නියමිතයි.
නිලවරණය නිරීක්ෂණය සඳහා ලෝක පාපන්දු සම්මේලනය, ආසියානු පාපන්දු සම්මේලනය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.