27.8 C
Colombo
Friday, April 26, 2024

කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මිලින්ද රාජපක්ෂට මාධ්‍යවේදීන්ගේ විරෝධය (වීඩියෝ)

- Advertisement -

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එම සාකච්ඡාව මෙහෙයවූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතාට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන්ම විරෝධය එල්ල වුණා.

ඒ කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවීමේ සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව අන්තනෝමතික ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන්.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් Zoom යෙදුම ආධාරයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන් සලකුණු කරන පිළිවෙලෙහි අනුපිළිවෙල මත එම ප්‍රශ්න කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාට යොමුකරනවා.

මාධ්‍යවේදීන් චෝදනා කරන්නේ මෙම සම්මත ක්‍රමවේදයෙන් බැහැරව මිලින්ද රාජපක්ෂ මහතා මීට පෙර සතියේත් අද දිනයේත් ක්‍රියාකල බවයි.

මීට පෙර එම ප්‍රවෘත්ති සාකච්ඡාව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා මෙහෙයවූවද මේ දිනවල ඔහු අසනීප තත්ත්වයෙන් පසුවනවා.

News24 ආයතනයේ අසංක අතපත්තු මහතා සහ LankaENews ආයතනයේ අතුල ඇතුළත්මුදලි මහතා මිලින්ද රාජපක්ෂ මහතාගේ අද ක්‍රියාකලාපය නිසා අපහසුතාවයට පත්ව සිටියා.

මේ අතර MediaLK ආයතනයේ මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මිලින්ද රාජපක්ෂ මහතාට විරෝධය පලකර සිටිනවා.

ඔහු සදහන් කරන්නේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් තමන් ප්‍රශ්න දෙකක් ඇසීමට සූදානමින් සිටියදී මිලින්ද රාජපක්ෂ මහතා මයික්‍රෆෝනය ක්‍රියාවිරහිත කළ බවයි.

කෙසේවෙතත් මාධ්‍යවේදීන්ට සිදුවූ මෙම අපහසුතාවය සම්බන්ධයෙන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සදහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...