27.9 C
Colombo
Saturday, April 27, 2024

කරන්නාගොඩට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන නොයාමට නීතිපති කළ ඉල්ලීම විනිසුරුවන් ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව තවදුරටත් නඩුව පවත්වාගෙන නොයාමට අවසර ලබා දෙන ලෙසට නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) ප්‍රතික්ෂේප කළා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ එවැනි ඉල්ලීමක් සිදුකරන්නේ නම් එය නීතිපතිවරයා පෞද්ගලිකව අධිකරණයට පැමිණ හෝ ලිඛිතව නීතිපතිවරයාගේ අත්සන යටතේ ඉදිරිපත් කළ යුතු බවයි.

එබැවින් මෙතෙක් එවැනි විධිමත් ඉල්ලීමක් කර නොමැති බැවින් අවිධිමත් භාවය යන කරුණ මත පදනම්ව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිලධාරින්ට විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා.

මෙලෙස නීතිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබු අවස්ථාවේදියි.

කෙසේ වෙතත් මෙහිදි පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවසුවේ ඉදිරියේ දී චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය වින්දිතයන් හා වින්දිතභාවය පිළිබදව දේශනයක්ද සිදුකළා.

ඒ අනුව මෙම නඩුව නැවත ලබන දෙසැම්බර් මස 03 වන දින කැදවීමට නියමිතයි.

2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව කොලඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණා.

එමෙන්ම නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, දිලංක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, රාජපක්ෂ පතිරනලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්රිආරච්චිගේ ගාමිණි, උපුල් චමින්ද, චන්දන ප්‍රසාද් හෙට්‌ටිආරච්චි හෙවත් නෙවී සම්පත්, නන්දප්‍රිය හෙට්ටිහැන්දි, සම්පත් ජනක පෙරේරා හා වසන්ත කරන්නාගොඩ යන අය නම් කර තිබේ.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...