නිමාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව කුරුණෑගල – කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය තුළ සීඝ්‍රයෙන් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවට කුලියාපිටිය මූලස්ථාන පොලීසිය නිවේදනය කරනවා.
මේ වනවිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය තුළ පමණක් කොවිඩ් 19 ආසාදිතයන් 200 කට අධික පිරිසක් වාර්තා වී ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.
ඒ අනුව සෞඛ්‍ය අංශ ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසිපරිදි අනුගමනය කරන ලෙසට මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.
