31 C
Colombo
Saturday, July 27, 2024

ලන්සා, මම උඹට කුඩු පට්ටං වෙන්න ගහනවා..! – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

- Advertisement -

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට බැනවදිමින් තර්ජනය කරන හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගෙන නිමල් ලන්සා මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුකරන මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නතර කරන ලෙසයි එහිදී සනත් නිශාන්ත මහතා තර්ජනාත්මකව පවසන්නේ.

“ඔයා ෆෝන් කට් කෙරුවාට කමක් නෑ. මගේ ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එවුන්ට කියලා පාරවල් හදවලා, අපේ පාරවල් සේරම නතර කරවලා. මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා කුඩු පට්ටං වෙන්න ගහනවා. මං උඹට ආයෙ කියන්නෑ නිමල් ලන්සා … මං උඹට ආයෙ කියන්නෙ නෑ, මතක තියාගනිං.

උඹට මං කියන එක අහගෙන ඉන්න බැහැනෙ ? හෙට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසෙ ආනන්ද සරත් කුමාර පාරකට මුල්ගල තියනවා, රණවරාපිටියෙ. නවත්තනවා නම් නවත්තපං. හෙට ඒක තිබ්බොත් මම හෙට හවස උඹට මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. මතක තියාගනිං ආහ්. මං උඹට ආයෙ කියන්නෑ” යැයි එහිදී සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...