29 C
Colombo
Sunday, March 16, 2025

නිමල් ලාංසා අමාත්‍යාංශයෙන් යෑමට බඩු මළු බැදගනියි

- Advertisement -

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඊයේ (15) සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශ පරිශ්‍රයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

මීට හේතු කිහිපයක්ම වාර්තා වන අතර ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් නිමල් ලංසා මහතාව ඉවත් කිරීමට කටයුතු කිරීම ද මෙම තීරණයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙවර අයවැයෙන් රාජ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති රුපියල් බිලියන 10ක මුදල්, ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා මුදාහැරීම එහි ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක විසින් ප්‍රතික්ෂේප කිරීමද ලාංසා මහතාගේ ඉවත්ව යෑමට තවත් හේතුවක් බවද පැවසෙනවා.

නිමල් ලාංසා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය දරණ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES