29 C
Colombo
Saturday, July 27, 2024

විමල් විරවංස සහ ජයන්ත සමරවීරගෙන් ප්‍රකාශ ලබා නොගත්තේ ඇයි දැයි අධිකරණයේදී අසයි

- Advertisement -

මහර බන්ධනාගාර නොසන්සුන්තාවේදී මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත.

වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ජනවාරි 08 දින අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ මෙය අනාවරණය වී ඇත.

පසුගිය නොවැම්බර් 29 දින සිදු වු මහර බන්ධනාගාරයේ සමුලඝාතනයෙන් මියගිය එකොලොස් දෙනාගෙන්, අට දෙනකුම මරුමුවට පත්ව ඇත්තේ වෙඩි වැදීමෙන් සිදුවූ බරපතල තුවාල වලින් බව දෙසැම්බර් 30 දින අධිකරණය හමුවේ තහවුරු වී තිබුණි.

මිය ගිය අදාල රැඳවියන්ගෙන් 09 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබුණු අතර එම රැඳවියන්ගේ සිරැරැ ආදාහනය කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණු අතර අනෙක් රැඳවියන්ගේ සිරැරු භුමිදානයට අවසර ලබා දී තිබුණු අතර ඔහුන්ගේ මෘත ශරීර ඥාතීන්ට ලබා දීමට අවසර ලබා දී ඇත.

තවද මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදුකර තිබීම හේතුවෙන් අමාත්‍ය විමල් විරවංස සහ අමාත්‍ය ජයන්ත සමරවීර යන අයගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස දෙසැම්බර් 30 දින වත්තල මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණු නමුත් අදාල ප්‍රකාශ ලබා ගෙන නැත.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව ප්‍රශ්ණ කර ඇති අතර එම නියෝග ලබා ගැනීමට නියෝග කර ඇති අතර එසේ ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි නම් එයට හේතු අධිකරණය හමුවේ පවසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

අදාල නඩුවේ අගතියට පත් වූ පාර්ශවය වෙනුවෙන් නීතීඥ සේනක පෙරේරා, , නීතිඥ අචලා සෙනවිතරත්න ඇතුළු නිතිඥවරුන් හතරක් පෙනී සිට ඇත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...