26 C
Colombo
Tuesday, April 30, 2024

ජනාධිපතිවරණෙට එන්න කියලා ආරාධනා ගොඩයි – විජේදාස රාජපක්ෂ

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින්ම ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බහුතර සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් තමා තීරණයක් ගන්නා බව මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

“මගෙන් ඉල්ලීම් කරලා තියෙනවා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා ඒ ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නය, අනෙක් ආගම්වල නායක තුමන්ලා ඒ ඉල්ලීමම කරලා තියෙනවා. ඒ පිළිබඳ තවදුරටත් කල්පනා කරලා මම ඉදිරි සති කිහිපය තුළ තීන්දුවක් ගන්න ඉන්නේ.”

“අද අපේ රටේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණය බොහොම වෙනස් මැතිවරණයක්, ඒ වගේම තීරණාක්මක මැතිවරණයක්. පක්ෂය බලලා ඡන්දය දෙන ඡන්දදායකයෝ ඉදිරියේදී නෑ. ඉදිරිපත්වන පුද්ගලයා අනුව තමයි ඡන්දය දීමට ජනතාව කල්පනා කරන්නේ.”


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...