24 C
Colombo
Tuesday, March 21, 2023

කඩදාසි භාවිතය හැකිතාක් අවම කරන්න..! – ජනපතිගෙන් උපදෙස්

- Advertisement -

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කරන ලෙස දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මෙම චක්‍රලේඛය යොමු කර ඇති බව සඳහන්.

රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මීට පෙර මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය දැඩි ලෙස පිළිපදින්නැයි එමගින් ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී තිබෙනවා.

විශේෂයෙන්ම රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම්වලට එළඹීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමටත් රජයේ අවශ්‍යතා සඳහා ලබාගෙන ඇති වාහන සම්බන්ධයෙන් වන ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර අනිවාර්යයෙන්ම මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමටත් ජනාධිපතිවරයා විසින් නියම කර තිබෙනවා.

එසේම, කඩදාසි භාවිතය හැකිතාක් අවම කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනය හැකිතාක් භාවිතා කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.