මේ තරම් දුරට කොවිඩ් ව්‍යප්ත වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුව සමහරක් වෘත්තීය සමිති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
වසංගත මර්දනය කළ හැක්කේ සෞඛ්‍ය අංශ පවසන ආකාරයෙන් මිස වෘත්තීය සමිති පවසන ආකාරයෙන් නොවන බවයි ඔහු පවසන්නේ.
රට වසා නොදමන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට වෘත්තිය සමිති කර ඇති ප්‍රකාශය දේශපාලනික අරමුණකින් සිදු කරන ප්‍රකාශයක් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.
රජය විසින් රට ලොක් ඩවුන් නොකරන්නේනම්, “ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේදය” නිර්මාණය කරන තුරු බලා නොසිට, වෘත්තීය සමිති ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව ඒකාබද්ධ වෘත්තීය සමිති බහුජන එකමුතුව ඊයේ නිවේදනය කර සිටියා.
රටේ ජනතාව ආරක්ෂා කිරීම උදෙසා මේ පියවර අනුගමනය කළ බවයි ඔවුන් පවසන්නේ.