30.1 C
Colombo
Friday, April 26, 2024

සෞඛ්‍ය අමාත්‍යංශය වැරදි දත්ත දෙන්නේ නෑ – කෙහෙළිය

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරනවා.

ඒ, වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පැවති සාකච්ඡාවකදීයි.

යම් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම, ලබන නොවැම්බර් මස අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි ද වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස් කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඒ සියලු දෙනා ඉතා කඩිනමින් පූර්ණ එන්නතකරණය සඳහා යොමු කරන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පවසනවා.

තවද, ලබන මස මැද වන විට අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇති බවත් මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසු තුන්වන එන්නතක් ලබාදීම පිළිබඳවද අවධානය යොමු කෙරෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් ගරිඩෝ හමුවූ අවස්ථාවේදී පවසා තිබෙනවා.

මෙහිදී කියුබානු තානාපතිවරයා පවසා ඇත්තේ මෙම වසර අවසාන වනවිට කියුබාවේ සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

RECENT ARTICLES - SINHALA

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...

ජනපතිගෙන් මුදල් ප්‍රතිපාදන ගත්ත එක වරදක් නෙමෙයි – ප්‍රසිද්ධ වුණේ අපි විතරයි තව අය...

0
ජනාධිපතිවරයා හරහා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 69 කට ආසන්න මුදලක් ලබා ගත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ...

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පහසුකම් භාවිත කිරීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...