24 C
Colombo
Tuesday, March 21, 2023

සර්ව පාක්ෂික ආණ්ඩුවට සුළු ජාතීන්ට තවමත් ආරාධනා නෑ

- Advertisement -

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට නිල වශයෙන් ආරාධනා ලැබී නැතැයි දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයන් පවසනවා.

එවැනි ආණ්ඩුවක් පිහිටුවන බව මාධ්‍යවලින් පමණක් තමා දුටු බවත් තමාට එවැනි ආරාධනයක් තවමත් ලැබී නැති බවත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් පවසනවා

එවැනි ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ දැයි ආරාධනයක් ලැබුණු පසු සලකා බලන බවත් තවමත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනයක් ලැබී නොමැති බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පවසනවා.

ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවෙන් පසු පාර්ලිමේන්තු පක්ෂ නායකයන් හමු වූ අවස්ථාවේදී එවැනි ආණ්ඩුවක් පිහිටුවන බව දැනුම් දුන් නමුත් තවමත් එවැනි ආරාධනයක් ලැබී නොමැති බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් පවසනවා.

ආරාධනයක් ලැබුණු පසු පක්ෂය ඒ ගැන සාකච්ඡා පවත්වා තීරණයක් ගන්නා බවත් මෙතෙක් තම පක්ෂයට එවැනි ආරාධනයක් ලැබී නැති බවත් ජාතික කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් ප්‍රකාශ කරනවා.


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.