24 C
Colombo
Tuesday, March 21, 2023

ඉල්ලා අස්වෙන්න ගිය දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට දැන් රනිල් හොඳයි ලු

- Advertisement -

ඉල්ලා අස්වන බව කී දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ තවදුරටත් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයේ කටයුතු කිරිමට තින්දුකොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසනවා.

නව ජනාධිපතිවරයකු පත්විමත් සමග තමන් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතු කරන බවයි ආණ්ඩුකාරවරයා මිට පෙර ප්‍රකාශකර තිබුණේ.

නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරිමට කිසිදු ගැටළුවක් නොමැති නිසා ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලාඅස්විමට ගත් තිරණය වෙනස් කිරිමට ආණ්ඩුකාරවරයා විසින් තින්දුකොට ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ,

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිධුරයට පත්වුයේ ශ්‍රිලංකා පොදුජනපෙරමුණේ සහයෝගයද ඇතිව. මේ නිසා දේශපාලන වශයෙන් රටේ ඇතිවෙලා තියෙන වෙනස්කම ආණ්ඩුකාරවරුන්ට අහිතකර විදියට බලපාන්නේ නැති නිසා ස්වෙච්ඡාවෙන් ආණ්ඩුකාරධුරයෙන් ඉවත්විමට ගත් තිරණය මා වෙනස්කරගත්තා.

විශේෂයෙන් කථානායකතුමා, දකුණු පළාතේ මැති ඇමතිවරු, විපක්ෂයේ දේශපාලනඥයින්, පළාත් පාලන ආයතනවල ප්‍රධානින්, හිටපු පළාත්සභා මන්ත්‍රිවරු සහ , ශ්‍රිලංකා පොදුජනපෙරමුණ මගෙන් ඉල්ලිමක් කළා ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලාඅස්වෙන්න එපා කියලා. දැනට ආණ්ඩුකාරධුරයෙන් ඉවත්විමේ අවශ්‍යතාවයක් නැහැ.

එමෙන්ම මාධ්‍යමගින් වාර්තාකොට තිබුනා දැනට හිස්ව ඇති පොදුජනපෙරමුණේ මන්ත්‍රිධුරය ලබාගැනිමට මමත් තරග කරනවා කියලා. ඒ පිළිබද මගේ කිසිදු අදහසක් නැහැ. තවදුරටත් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයේ කටයුතු කරණවා.“


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.