27 C
Colombo
Monday, April 29, 2024

සබඳතා නව පරිච්ඡේදයකට ගෙන ගිය මෝදිගේ ඇමෙරිකානු ගමන

- Advertisement -

දෙරට අතර සබඳතාවල නව පරිච්ඡේදයක් ලෙස විශේෂඥයින් සහ ප්‍රතිපත්ති විශ්ලේෂකයින් විසින් හඳුන්වනු ලැබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ එක්සත් ජනපදයේ තෙදින රාජ්‍ය සංචාරය, විශාල ගෝලීය උපායමාර්ගික රාමුව තුළ ඉන්දියාවේ තීරනාත්මක කාර්යභාරය වොෂින්ටනය විසින් පිළිගැනීමක් ද වුණා.

මෝඩි දෙවැනි වරටත් එක්සත් ජනපද කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසියක් ඇමතීම සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ඕවල් කාර්යාලයේදී ලබා දුන් ඉහළ පිළිගැනීම හැරුණු විට රාජ්‍ය සංචාරය තුළ තාක්‍ෂණික සහ ආරක්ෂක ගනුදෙනු රාශියක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ජූනි 23දා එක්සත් ජනපද කොංග්‍රසය අමතමින් මෝඩි, එක්සත් ජනපදය සමග ඉන්දියාවේ සබඳතාව “මිත්‍රත්වයේ පරීක්‍ෂණයට මුහුණ දී ඇති” බව පැවසුවේ, එය ” හවුල්කාරිත්වය සඳහා මෙම සියවසේ නිර්වචනය” බව බයිඩන් සමග එකඟ වෙමින්.

“බලහත්කාරයේ සහ ගැටුමේ අඳුරු වලාකුළු ඉන්දු-පැසිෆික් කලාපය මත වැටී තිබේ. කලාපයේ ස්ථාවරත්වය අපගේ හවුල්කාරිත්වයේ කේන්ද්‍රීය අවශ්‍යතාවලින් එකක් බවට පත්ව ඇත,” මෝදි පැවසුවා. ඔහුගේ පැයක කතාව දේශගුණය, ආර්ථිකය, කාන්තා සවිබල ගැන්වීම, ත්‍රස්තවාදය සහ සමාජ සුබසාධන යෝජනා ක්‍රම ඇතුළු මාතෘකා රාශියක් ස්පර්ශ කළා.

මෝදිගේ සංචාරය ‘ද්විපාර්ශ්වික සබඳතාවල දැවැන්ත ඉදිරි ගමනක්’.

නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්ය අමිතාබ් මැටූ පැවසුවේ භූ දේශපාලන කැලඹිලි සහිත මොහොතක ලෝක වේදිකාවේ තමන්ට හිමි ස්ථානය ලෙස ඉන්දියාව දකින දේ සුරක්ෂිත කිරීමට මෝදිගේ සංචාරය අසමසම බවයි.

මෙම සංචාරය ඉන්දියානු-එක්සත් ජනපද සබඳතාවයේ විකාශනයේ විභේදන ලක්ෂ්‍යයක් ලෙස ආසියානු සමාජ ප්‍රතිපත්ති ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන සී. රාජා මෝහන් විසින් හඳුන්වා දෙනු ලැබුවා.

“මෝඩි සහ බයිඩන් ඉන්දියාව සහ එක්සත් ජනපදය පෙර නොගිය මාර්ගයකට තල්ලු කර ඇති බවට සැකයක් නැහි”, මොහාන් පැවසුවා.

“උසස් තාක්‍ෂණික සහයෝගීතාවයේ සිට දේශගුණික විපර්යාස දක්වා, ප්‍රහාරක ජෙට් එන්ජින් නිෂ්පාදනයේ සිට අර්ධ සන්නායක සඳහා ආයෝජනය කිරීම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම දක්වා වූ ගිවිසුම්වල පුළුල් අභිලාෂය විශ්මයජනකයි,” ඔහු තවදුරටත් පැවසුවා.

මෝඩි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉන්දියාවේ වාර්තාව ආරක්ෂා කරයි

එක්සත් ජනපද සෙනෙට් සභිකයින් සහ කොන්ග්‍රස් නීති සම්පාදකයින් 75 දෙනෙකු තම අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර ගෙනහැර දක්වමින් ජනාධිපතිවරයාට ලිපියක් ලිවීමෙන් පසුව, මානව හිමිකම් ප්‍රශ්න මතු කරන ලෙස සෙසු ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් වැඩි පීඩනයකට බයිඩන් මුහුණ දුන්නද, මෝඩිගේ සංචාරය ඉතා සැලසුම් සහගත එකක් වුණා.

මුස්ලිම් සහ අනෙකුත් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ භාෂණයේ නිදහස තහවුරු කිරීමට ඉන්දීය රජය ගෙන ඇති පියවර පිළිබඳව එක්සත් ජනපද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මෝදි, ප්‍රජාතන්ත්‍රවාදය සහ ඔහුගේ රජයේ ක්‍රියාකාරිත්වය සහ මානව හිමිකම් පිළිබඳ ඉන්දියාවේ වාර්තාව දැඩි ලෙස ආරක්ෂා කළා.

ජූනි 22දා ධවල මන්දිරයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී, “ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්,” මෝදි පැවසූ අතර ජනාධිපති බයිඩන් ද සඳහන් කළේ, ඉන්දියාව සහ ඇමරිකාව – රටවල් දෙකම, ප්‍රජාතන්ත්‍රවාදය අපගේ DNA තුළ ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අපගේ ආත්මයයි. අපි ජීවත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි.

“ප්‍රජාතන්ත්‍රවාදය ලබා දිය හැකි බව අපි සැමවිටම ඔප්පු කර ඇත්තෙමු. මා එසේ පවසන විට, මෙය කුල, ආගම, ආගම, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සිදුවන්නකි. වෙනස් කොට සැලකීමට කිසිසේත්ම ඉඩක් නැත,” ඔහු වැඩිදුරටත් පැවසුවා

ආරක්ෂක හා නැගී එන තාක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රධාන ගිවිසුම්

සංචාරය අවසානයේ ඉන්දියාව සහ එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය හවුල් දැක්මක් තහවුරු කළ අතර, ඉන්දියාව සමඟ විවේචනාත්මක සහ නැගී එන තාක්‍ෂණය බෙදාගැනීමේදී එක්සත් ජනපදයේ බාධක ජයගෙන ඇති බව ද පිළිගත්තා.

“ආරක්ෂක ගනුදෙනු සම්බන්ධයෙන් ගත් කල විශාල ප්‍රවේශය වන්නේ ජෙට් එන්ජින් නිෂ්පාදන දැනුම හුවමාරු කිරීමේ ගිවිසුමයි”, ඉන්දීය නාවික හමුදාවේ සේවය කළ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු සහ ආරක්ෂක සහ උපායමාර්ගික කටයුතු පිළිබඳ ප්‍රවීණයෙකු වන කොමදෝරු C. උදය භාස්කර්, පවසනවා.
මෝදිගේ සංචාරය මගින් ඩොලර් බිලියන 3ක් වටිනා MQ-9B සන්නද්ධ ඩ්‍රෝන යානා 31ක් රජයට සැපයීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට හැකි වුණා.
“ඉදිරි වසර කිහිපය තුළ ජෙට් එන්ජින් (F414) සහ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීමේ මෙම සැලසුම් ඉතා සාදරයෙන් පිළිගනිමු, ” ඔහු තවදුරටත් පැවසුවා.

ආරක්‍ෂාව පිළිබඳ නව ගිවිසුම් සහ තීරණාත්මක සහ නැගී එන තාක්‍ෂණයන් සමඟින්, ඉන්දියාව දැන් ඩොලර් බිලියන 20 (යුරෝ බිලියන 18.3) වඩා වටිනා උපකරණ මිලදී ගැනීමට ගිවිසුම්ගත වී සිටිනවා.

2008 දී අත්සන් කරන ලද සිවිල් න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුම, එක්සත් ජනපදයේ ඉහළ මට්ටමේ ආරක්ෂක සහ ද්විත්ව භාවිත තාක්ෂණයන් සඳහා ඉන්දියාවට ප්‍රවේශය සඳහා වූ සීමාවන් ලිහිල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබුවා. නමුත් මෙවර ගිවිසුම් විශාල පරිමාණයෙන් ඉහළ ගොස් තිබීම විශේෂයෙන් කැපී පෙනන කරුණක්.

“මෙය 2008 න්‍යෂ්ටික ගිවිසුම ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයක් සමඟ 21 වන සියවසේ ආරම්භ වූ ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යාමේ සම්බන්ධතාවයේ ප්‍රධාන වැඩිදියුණු කිරීමක් විය,” පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ පාකිස්තානයේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් අජේ බිසාරියා පැවසුවා.

තාක්‍ෂණය, සැපයුම් දාම සහ පිරිසිදු බලශක්තිය පිළිබඳ අනාගත ගනුදෙනු චීනයට සාපේක්ෂව කලාපයේ ඉන්දියාවේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපද ආන්ඩුව දරන පුළුල් උත්සාහයක කොටසක් වනු ඇති බව බිසාරියා පෙන්වා දෙනවා.

“චීනයේ නොහික්මුණු නැඟීම ඉන්දියාව සහ එක්සත් ජනපදය සමීප කරවන මැලියම් ය. සංචාරය හරහා ඉදිරිපත් කරන ලද යටි පෙළක් වූයේ චීනයේ සටන්කාමීත්වය පිළිබඳ බෙදාහදාගත් කනස්සල්ල සහ චීනයෙන් ආරම්භ වූ සැපයුම් දාමයන් මත අධික ලෙස යැපීමෙන් අවදානම ඉවත් කිරීමේ අවශ්‍යතාවයයි,” ඔහු තවදුරටත් පැවසුවා.

නායකයින්ගේ ඒකාබද්ධ ප්‍රකාශයේ චීනය ගැන පැහැදිලිව සඳහන් නොකල නමුත් ඉන්දු-පැසිෆික් කලාපය සහ එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර චතුර්පාර්ශ්වික ආරක්ෂක සංවාදය ගැන සඳහන් කිරීම් භූ දේශපාලනික පෙළගැස්මේ අරමුණ පැහැදිලි කරනු ලැබුවා.

“මුහුදේ සිට අහස දක්වා වූ තාක්‍ෂණික හවුල්කාරිත්වය ඊළඟ මට්ටමට ගෙන ගොස් ඇති අතර, එය උසස් හා තීරණාත්මක තාක්‍ෂණයන්හි පුළුල් තාක්‍ෂණික හවුල්කාරිත්වයක් ලෙස හැඩගස්වා ගැනීමටත්, එම තාක්‍ෂණයන් ඉන්දියාවට මාරු කිරීම පහසු කිරීමටත්, චීනය මඟහරින ඔරොත්තු දෙන සැපයුම් දාමයන් ගොඩනැගීමටත්, මග සලසා තිබෙනවා,” බිසාරියා පැවසුවා.

සංචාරය අතරතුර, මයික්‍රොන් ටෙක්නොලොජි, Applied Materials සහ ලැම් රිසර්ච් වැනි එක්සත් ජනපද සමාගම් කිහිපයක් ඉංජිනේරු සහයෝගීතාවය සහ ශ්‍රම බලකායේ පුහුණුව සමඟින් ඉන්දියාවේ අර්ධ සන්නායක පරීක්ෂණ සහ එකලස් කිරීමේ පහසුකම් සඳහා ආයෝජන ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එක්සත් ජනපදයේ හිටපු ඉන්දීය තානාපතිනී මීරා ශංකර් පැවසුවේ තාක්‍ෂණික හුවමාරුව සම්බන්ධයෙන් බයිඩන් පරිපාලනයේ ආකල්ප වෙනස් කිරීම සාදරයෙන් පිළිගත හැකි බවයි.
දැඩි සකසීරුවෙන් සංවිධානය කරන ලද මෙම සංචාරය පිටුපස ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ඇති සබඳතාවලට නව ජීවයක් ලබාදීම පමණක් නොව ගෝලීය වශයෙන් ද බලපෑමක් ඇති කළ හැකි සාකච්ඡා පැවතුණා.
ඉන්දු-පැසිෆික් කලාපය යනු, මේ මොහොතේ එක්සත් ජනපදයට වෙනත් ඕනෑ ම කලාපයකට වඩා ඉන්දියාවේ බලපෑම අවශ්‍ය විය හැකි කලාපය යි.

එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ කලාපය තුළ වර්ධනය වන චීන බලපෑම තුලනය කිරීමට උපකාර වන මිත්‍ර රාජ්‍යයක් ලෙස ඉන්දියාව සැලකූමුත්, ඉන්දීය රජය කිසි විටෙකත් එම භූමිකාව පිළිගැනීමට එතරම් කැමැත්තක් දක්වා නැහැ.

ඇතැම් විට ඉන්දියාවේ අකමැත්ත හමුවේ වුව ද, චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ඇති සබඳතා මෙහෙයවන ප්‍රධාන උත්ප්‍රේරකයක් ලෙස අඛණ්ඩව කටයුතු කරනවා.

ඇමෙරිකාවට වැදගත් වන්නේ ඉන්දියාවේ ක්‍රියාකලාපය මිස, ඉන්දියාව චීනය පිළිබඳව ප්‍රසිද්ධියේ සිදු කරන ප්‍රකාශ නොවන බව වොෂින්ටන් ඩීසීහි බෲකින්ස් ආයතනයේ ‘දි ඉන්ඩියා ප්‍රොජෙක්ට්’ හි අධ්‍යක්ෂ තාන්වි මදාන් පවසනවා.

“අන්තිමේ දී, ඉන්දියාව ප්‍රසිද්ධියේ ඒ භූමිකාව වැළඳ ගත්ත ත් නැත ත්, චීනය සමග ගනුදෙනු කරද්දි එක්සත් ජනපද සබඳතා ප්‍රයෝජනවත්බව ඉන්දියානු රජය දැකලා තියෙනවා කියලා හොඳට ම පැහැදිලියි,” ඇය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...