30.1 C
Colombo
Friday, April 26, 2024

සිංහල අලුත් අවුරුද්දට ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රෙලියාවෙන් තව ණය ගන්නවා..!

- Advertisement -

ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රෙලියාවෙන් ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, අප්‍රේල් මසට යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනයන් සඳහා බවයි ඔහු පවසන්නේ.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය සහනයක් එහිදී අපේක්ෂා කෙරෙන අතර, ඔස්ට්‍රෙලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණය සහනයක් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති බවත් සහල්, පරිප්පු, ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙම ණය සහන වැඩපිළිවෙල මගින් ලබා ගැනීමට අපේක්ෂිත බවත් සඳහන්.

එම ආනයනයන් මාස 6 ක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් වන බවත් ඔස්ට්‍රෙලියාවෙන් ලබා ගැනෙන ණය සහන යටතේ පරිප්පු සහ බාර්ලි ආදිය ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඉන්දීය ණය සහන යටතේ අල, ළුෑණු, පරිප්පු සහ ඖෂධ ආනයනය කිරීමට නියමිත බවත් පැවසේ.

මෙම ආනයනයන් සඳහා ගෙවීම් වාරික වශයෙන් මාස්පතා ගෙවීමටයි සැලසුම් කෙරෙන්නේ.

මේ අතර, ඔස්ට්‍රෙලියාවෙන් ආනයනය කෙරෙන පරිප්පු පියළි කිරීම සඳහා මෙරට කර්මාන්තශාලාවක් ඉදිකිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා. එවැනි කර්මාන්තශාලාවක් හම්බන්තොට හෝ කොළඹ වරාය ආශ්‍රිතව පිහිටුවීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂිතයි. මෙතෙක් ඔස්ට්‍රෙලියානු පරිප්පු ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබීමට පෙර පියළි කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සිදු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...