26 C
Colombo
Friday, May 17, 2024

ළඳුන් දෙදෙනෙකුට මැදි වූ මුරුත්තෙට්ටුවේ හිමිගේ පූජනීය V8 රථය

- Advertisement -

මූල්‍ය චෝදනා ලැබ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි පියුමාලි නමැත්තිය වෙත තමන්ගේ ජීප් රථයක් ලබා දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ නගන චෝදනාව අසත්‍ය බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.

තමන් සිය ජීප් රථය ලබා දුන්නේ තිළිණි පියුමාලිට නොව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක වන ප්‍රියංකා ජයසේකරට බවයි උන්වහන්සේ දෙසා වදාරන්නේ.

තමන් වහන්සේ වෙත ජපානයෙන් වාහනයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිතව තිබුණු හෙයින් එතෙක් භාවිතා කරමින් සිටි ජීප් රථය විකිණීමේ අවශ්‍යතාව මතු වූ අතර ඒ අනුව ප්‍රියංකා ජයසේකර මහත්මිය විසින් එය විකුණා මුදල් ලබාදෙන බවට තමන් වහන්සේ සමඟ එකඟ වූ බව උන්වහන්සේ පවසනවා.

එහෙත් එම මුදල් තමන් වහන්සේට නොලැබුණු බවත් සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණයක් සිදුකරමින් තිබෙන බවත් ප්‍රියංකා ජයසේකර මහත්මියද එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටින අයෙක් බවත් මුරුත්තෙට්ටුවේ හිමි සඳහන් කර සිටිනවා.

කිසිලෙසකින්වත් තිළිණි පියුමාලි නමැත්තිය පිළිබඳව තමන් වහන්සේ මීට ඉහතදී දැන නොසිටි බවයි උන්වහන්සේ පැවසුවේ.

“ප්‍රියමාලිත් එක්ක මම කතාබහ කරලවත් නැහැ. මගේ ජීප් එක එතුමිය අරගෙන නැහැ. නමුත් මගේ V8 එක ගත්තේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරියක් වශයෙන් කටයුතු කරන ප්‍රියංකා ජයසේකර. මම වාහනේ ගන්නකොට එතුමිය හිටියේ පොහොට්ටුවේ. මට ජපානයෙන් වාහනයක් පරිත්‍යාග කරනකොට මේක විකුණගන්න ඕනේකම තිබුණා. වාහන දෙකක් අවශ්‍ය නැති නිසා තමයි මේක විකුණන්න තීරණය කළේ. එතුමිය මුදල් දෙන්නම් කියලා ගත්තේ. ඇයව අත්අඩංගුවට අරගෙන ඇප මත නිදහස් කරලයි දැන් තිබෙන්නේ.”


RECENT ARTICLES - SINHALA

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...