28.1 C
Colombo
Friday, April 26, 2024

අයියට මගේ මරණ මංචකයේ දී වත් සමාවක් නැහැ – බැසිල් ගෝඨාභයට කියලා?

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමාට ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකි වේ යැයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශ්වාසයෙන් සිටි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා උත්තර සභාවේ ගාලු දිසා සමුළුව අමතමිනි.

හිටපු මුදල් අමාත්‍යවරයා මෙරට ආර්ථික අර්බුධ තත්ත්වයට යනතෙක් බලා සිටි බවයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “මේ අර්බූදය එන බව අපි මුලින්ම අමාත්‍ය මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර්බර් මාසයේ 26 වෙනිදා. කවුරුවත් ගණන් ගත්තේ නැහැ මෙවැනි අර්බූදයක් එනවා කියලා. මේ ගැන ඇතුලේ කතා කරලා, කතා කරලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11 ක්ම දාලාත් මුකුත් නොකර බලන් ඉන්නවා දැක්කම අවසානයේ තීරණය කළා මාධ්‍ය හමුවක් තියලා 2021 ජුනි මාසයේ 12 වෙනි දා රටට කියන්න අපි අර්බූදයක පාමුල ඉන්නේ කියලා.

තකොට ආණ්ඩුවේ අනික් අමාත්‍යවරු දාලා බැසිල් උන්නැහේ කියන්න හැදුවේ මොකක්ද. අපිට ඇති තරම් සල්ලි තියෙනවා. අපිට ඇති තරම් ඩොලර් ද තියනවා . ගම්මන්පිල බොරු බිල්ලො මවනවා. ඒ අය මේ අර්බූදය එන බව දනිමින් අර්බූදය එනවා කියලා අප ඇඟට ඇනලා කියද්දි අර්බූදය ඇති වෙන්න ඉඩ දීලා නිහඩව බලා හිටියේ. ඒ වගේම අර්බූදය වැඩි වෙන්න පාර කැපුවා.

මිත්‍රවරුනි අපි තමුන්නාන්සේලා හැමෝම දන්න දෙයක් තමයි බැසිල් රාජපක්ෂට මේ ආත්මයට ඡන්දයක් දිනලා නම් ජනාධිපති වෙන්න බැහැ. සතා කවුද කියන එක රටේ ජනතාව දන්නවා. ජනතාව කවදාවත් එයාට නම් රට බාර දෙන්නේ නැහැ. එහෙම දුන්නොත් එක පාරට මුළු රටම කීයකට හරි ඇමරිකාවට විකුණලා දාලා එයා ඇමරිකාවේ යයි.

ඒ අනතුර මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා එයා දැනගෙන හිටියා එයාගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගත හැක්කේ ජනාධිපති වෙන කෙනා අතරමැද පලා යාමෙන් පමණයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දාල ගියොත් ඊළඟ ජනාධිපති තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ බැසිල්ගේ සිග්නල් කණු වෙලා ඉන්න බැසිල් කියන කියන විදිහට අත ඔසවන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට. එනිසා ගෝඨාභය දාල ගියොත් ජනාධිපති වෙන්න මට පුළුවන් කියන උපක්‍රමය තුළ තමයි බැසිල් රාජපක්ෂ මේ අර්බූදය තීවුර කළේ.

මොකද අපට වඩා හොඳට ගෝටා අයියා ගැන දන්නෙ බැසිල්. එයා දන්නවා ගෝටා අයියට ලොකු පීඩනයක් ආවොත් දමලා ගහලා යනවා. ගෝටා අයියා දමලා ගහලා ගියොත් පාර්ලිමේන්තුව මීළඟට තෝරගන්නේ මාවයි කියන සිහිනේ තමයි බැසිල් රාජපක්ෂ හිටියේ. ඒ නිසා තමයි රසායනික පොහොර තහනම ආවම අපි ඒකට විරුද්ධව සටන් කරද්දී ජනාධිපති වරයාගේ තීන්දුවට ඉඩ දිය යුතුයි කියලා ආණ්ඩුව තුළ සටන් කළේ බැසිල්.

තෙල් ගෑස් විදේශ විනිමය අර්බූදයන් ගැන අපි කියද්දී ඒවාට නිසි පිළියම් යොදන්නේ නැතුව මුදල් අමාත්‍යාංශයට වෙලා නිදි කිරලා පැය14 ක් විදුලිය කපන කන් බලා හිටියා. අපේ රටේ ජනතා ගෑස් පෝලිමේ, තෙල් පෝලිමේ දවස් ගණන් ලගින කම් බලා හිටියා. මෙන්න මෙහෙම දුක් විඳින්න සිදු උනාම ජනතාවගේ ඉවසීමේ රතු කට්ට පැනලා බැසිල්ට අවශ්‍ය විදිහටම ජනතාව පාරට බැස්සා. ජනතාව පාරට බැහැලා ටිකක් දවස් යද්දි බැසිල් හිත විදියටම ගෝටා අයියා දමල ගහල යන්න ගියා. නමුත් බැසිල්ට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි වුණා.

එයා මුලින්ම දැන ගත්තා විමල්-උදය අමාත්‍ය මන්ඩලයේ හිටියොත් මට මගේ ගමන යන්න වෙන්නේ නැහැ කියලා. අපි ඇඟිල්ලෙන් ඇන ඇන කිව්වා ආර්ථික අර්බූදය එනවා මුදල් ඇමති මුකුත් නොකරන්නේ ඇයි කියලා. එය අපි මුලින් අමාත්‍ය මණ්ඩලයේ කිව්වා. ඉන් අනතුරුව රටටත් කිව්වා. මේ කරදර කාරයොත් එක්ක මගේ ගේම ගහගන්න බැහැ කියලා අපිව අමාත්‍යමණ්ඩල යෙන් එළියට දැම්මා. අපි නිකන් හිටියෙ නැහැ. අපි මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා බැසිල්ගේ කුමන්ත්‍රණය උදේ ඉදන් රෑ වෙනකම් ම කියලා කියලා බැසිල් බලාපොරොත්තු නොවූ ආකාරයකට අපට පුළුවන් වුණා බැසිල්ගේ අයියා ලවාම බැසිල්ව අස් කරවා ගන්න.

මට මහාචාර්ය ජී එල් පීරිස් හිටපු ඇමැතිතුමා කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා දවසක් එයාත් එක්ක කිව්වලු මාව අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය අයියට මම මරණ මංචකයේ වත් සමාව දෙන්නේ නෑ කියලා. මොකද ඔහුගේ සියලු කුමන්ත්‍රණ වතුරේ ගියේ හදිසියේ බැසිල්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරපු නිසා. ජනාධිපති සිහිනයට වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට සිද්ධ වුණේ තිබුණු ඇමතිකමත් මන්ත්‍රීකමත් දෙකම නැති කරගෙන ඇමරිකාවට පලා යන්න. ඔන්න මේ දවස් වල හා ආපහු ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ රටේ ජනතාව බුද්ධිමත් නිසා ඒ පාරේ දැන් යන්නේ නැහැ.”

RECENT ARTICLES - SINHALA

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති...

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

අපරාධකාරයින්ට ගිනිඅවිය භාවිත කරන්න බය වන්න එපා-ටිරාන්

අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවන අතර අතේ තිබෙන ගිනි අවිය භාවිත කිරීමට පොලිස් නිලධාරීන්ට බිය නොවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා ඔහු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...