24 C
Colombo
Tuesday, March 21, 2023

ලබන අවුරුද්දත් අමාරුයි..! – වැ.බ.ජ. රනිල්

- Advertisement -

රසායනික පොහොර තහනම පැනවීමට පෙර මෙරට වාර්ෂික සහන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 24 ක් ලෙස පැවති නමුත් මේ වනවිට එය මෙට්‍රික් ටොන් 16 ක් දක්වා අඩු වී ඇති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රට දැවැන්ත ආහාර හිගයකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන වැඩබලන ජනාධිපතිවරයා පවසන්නේ යුක්රේන අර්බුදය හේතුවෙන් ආහාර හිගය තවදුරටත් තීව්‍ර වූ බවයි.

ලබන මහ කන්නය සඳහා රසායනික පොහොර ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය බවත්, මේ වනවිට මිලියන 300 ක් සොය ගැනීමට හැකි වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

මෙම වසරේ ආර්ථික වර්ධනය 06% කින් පහළ යනු ඇති බවට පුරෝකතනය කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ලබන වසරද ඉතා අසීරුවෙන් ගෙවා දැමීමට සිදුවනු ඇති බවත් ඔහු පවසනවා. එමෙන්ම, ලබන වසරේදී රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වනු ඇති බවයි ඔහු පවසන්නේ.

ගෝලීය කුසගින්න සහ සාගතය මැයෙන් පැවති ජාත්‍යන්තර සමුළුවකට එක්වෙමින් මෙම කරුණු සඳහන් කළ වැඩබලන ජනාධිපතිවරයා අවධාරණය කළේ සමස්ත ලෝකයටම දැඩි බලපෑමක් වී ඇති යුක්රේන අර්බුදය ඉතා ඉක්මනින් අවසන් වියයුතු බවයි.

යුද්ධය තවදුරටත් පැවතියහොත් තෙවැනි ලෝකයේ රටවල පුද්ගලයන් විශාල ප්‍රමාණයක් කුසගින්නේ මියයනු ඇති බවද වික්‍රමසිංහ මහතා පවසනවා.

බටහිර රටවල් විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හමුවේ වඩාත් අසරණ වී සිටින්නේ රුසියාව නොව තුන්වැනි ලෝකයේ දුප්පත් රටවල් බවයි රනිල් වික්‍රමසිංහ සමුළුව අමතමින් සඳහන් කර ඇත්තේ.


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.