30 C
Colombo
Monday, March 20, 2023

ඇමතිකම් බෙදාගන්න මිසක් රට ගොඩගන්න කිසිම දේශපාලඥයෙක්ට ඕනෙ නෑ – උදය ගම්මන්පිල

- Advertisement -

මේ වනවිට සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පයෙන් බැහැරව එකිනෙකා ඇමති ධූර බෙදාගැනීමට උත්සාහ ගන්නා බවක් පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, පක්ෂ දහයේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්,

බලඅරගලය මිස සාමුහිකව මේ රට නරා වලෙන් ගොඩ ගැනීමට අවශ්‍ය බව පිළිබඳව හැඟීමවත් මෙරට දේශපාලන නායකයන්ට නොමැති බවයි ඔහු පවසන්නේ.

“අපි ගෝඨාභය ජනාධිපතිතුමාට සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහිකළ යුතුයි කියන සංකල්පය ඉදිරිපත් කරලා මේ වනවිට මාස 4කට වැඩියි. අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඊට කලින් මාර්තු 2 වනදා මුළු රටම හරි මඟට කියලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න අපේ විසඳුම් යෝජනාවලියක් ජනගත කරා. නමුත් මේ වන තුරු යෝජනාවලියක් ඉදිරිපත් කරනවා වෙනුවට අද යන්නේ කේවල් කිරීම්. ඔයාලට ඇමති ධූර කීයක් ඕනේ ද? අහවල් එක දුන්නොත් කොහොම ද? මං හිතන්නේ ඇමතිකම් තනතුරු බෙදාගැනීමේ කේවල් කිරීමේ පහත් තැනින් උඩට ඇවිල්ලා මේ රටේ තියෙන අර්බුදය ගැන හිතලා ඇමති තනතුර බෙදාගන්නේ කොහොම ද කියන එක නෙමෙයි වැඩපිළිවෙල මොකද්ද කියන එකට සියලුදෙනාගේ අවධානය යොමු වෙන්න ඕනේ. තාමත් මම නම් දකින්නේ බලඅරගලය මිසක් සාමුහිකව මේ රට නරා වලෙන් ගොඩ ගන්න ඕනේ කියන හැඟීමවත් තාම අපේ රටේ දේශපාලන නායකයන්ට ඇවිල්ලා නෑ. ඉතාම අවාසනාවන්තයි.”

ප්‍රශ්නය –

“සර්වපාක්ෂික රජයක් පිහිටුවනවා කියන්නේ සිහිනයක් ද?”

මන්ත්‍රීවරයා –

“තාම සිහිනයයි යථාර්ථයයි මැද දෝලනය වෙමින් පවතින්නේ. හැබැයි ජනාධිපති පාර්ලිමේන්තුව අමතන වේලාවේ සර්වපාක්ෂික සේයාවක් පෙනුනා. ජනාධිපතිතුමාගේ සමහර කතාවලට ආණ්ඩුවෙන් අත්පොළසන් ආවා. සමහර ඒවට විපක්ෂයෙන් ආවා. මට නිකන් දැනුනා සර්වපාක්ෂික වැඩේ හරි වගේද කියලා. හැබැයි ඒවා රඟපෑම් වගේ පේන්නේ මහ පොළොවේ ඒවා නෑ.”

RECENT ARTICLES - SINHALA

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.