30.3 C
Colombo
Friday, April 26, 2024

උඩට නෙවෙයි, මැරෙන්නම වෙඩි තියන්න කිව්වා – රඹුක්කන නඩුවේදී සාක්ෂිකරුවෙක් කියයි

- Advertisement -

රඹුක්කන සිදුවීමට අදාළ නඩුව අද (21) දෙවන දිනටත් විභාග කෙරුණා.

එහිදී කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය සදහන් කළේ පොලිස් පරීක්ෂණ සිදුව ඇති ආකාරය පිළිබදව තමන් සතුටු නොවන බවයි.

මේ දක්වාම පොලීසිය මෙම අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත්තේ පිටු දෙකක් පමණක් බව අද අධිකරණය හමුවේ අනාවරණය වුණා.

එමෙන්ම රජයේ රස පරීක්ෂකවරයා කැඳවා විමර්ශනයක් සිදුකිරීමට පොලීසිය කටයුතු කර නොමැති බවද අධිකරණයේදී අනාවරණය වූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ රජයේ රස පරීක්ෂකවරයා කැඳවා සිදුවීමේදී භාවිතා කළ ආයුධ පිළිබදව වාර්තාවක් ලබාගන්නා ලෙසයි.

මෙතෙක් සිදුවීමට අදාළ CCTV දර්ශන පරික්ෂා කිරීමට පොලීසිය කටයුතු කර නොමැති අතර ඒවා පරික්ෂා කිරීම සඳහා වන අධිකරණ අවසරයක් ලබාගැනීමට පොලීසිය කටයුතු කර ඇත්තේද අද දිනයේ බව මෙහිදී අනාවරණය වුණා.

නඩු විභාගයේදී අනුරාධ රාජපක්ෂ නැමැත්තෙක් සාක්ෂි ලබාදෙමින් පවසා ඇත්තේ තරු දෙකක් සහ රාජ්‍ය ලාංඡනයක සහිත නිල ඇඳුමකින් සැරසුණු උසස් පොලිස් නිලධාරියෙකු උද්ඝෝෂණය අතරතුර ” උඩට නෙවෙයි, මැරෙන්නම වෙඩි තියන්න ” යනුවෙන් ප්‍රකාශ කළ බවයි.

නඩු විභාගය හෙට (22) පෙරවරු 11 ට යළි කැඳවීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...