24 C
Colombo
Thursday, March 30, 2023

ධම්මික පැණිය ආහාර අතිරේකයක් ලෙස ලියාපදිංචි කිරීමට අනුමැතිය

- Advertisement -

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කරන ලද පැණිය ආහාර අතිරේකයක් ලෙස ( Food suppliment) ලබාදීමට රජයේ නිල අනුමැතිය ලබාදී ඇති බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසා ඇත.

කෙසේ වෙතත් ඔහු දෙසැම්බර් 09වන දින මාධ්‍ය අමතමින් පවසා සිටියේ අදාල පැණිය සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය ලැබිි ඇති බවය.

කෙසේ වෙතත් අවසානයේ එය ආහාර අතිරේකයක් වශයෙන් රජයේ ලියාපදිංචි කරවාගෙන ඇත. 

ධම්මික බණ්ඩාර දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික කමිටුව එම ඖෂධයේ අඩංගු ද්‍රව්‍ය හා පසුබිම පිළිබඳ විමසූ අවස්ථාවේදී, ඔහු එම ඖෂධය දෙවියන්ගෙන් ලැබුණු එකක් බව ඔහු පවසා ඇති බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකුම නිව්ස්19 සමඟ පැවසීය.

නොවැම්බර් 29 වන දින දේශිය ක්‍රම පිළිබඳ ජාතික කමිටුව ධම්මික මහතාව කැඳවු අවස්තාවේදී කමිටුවේ සාමාජිකයන්ට පිළිතුරු ලබා දෙමින් පවසා ඇත්තේ තමන් දේශීය වෛද්‍යවරයෙක් නොවන බවත්, පාරම්පරික පසුබිමක් නොමැති බවත්, තමන්ට ඖෂධ පිළිබඳ අධ්‍යාපනයක් නොමැති බවත්ය.

අදාළ ඖෂධය සාදා ඇත්තේ කෙසේ දැයි විමසූ අවස්ථාවේදී ඖෂධයේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳවත්, වට්ටෝරුව ලබාගත් ආකාරය විමසීමේදී ඔහු පිළිතුරු දීමට අසමත්ව ඇත.

කෙසේ වෙතත් පුද්ගලයෙකු විසින් ධම්මික බණ්ඩාර පිළිබඳ දෙසැම්බර් 03 වැනිදා ආයුර්වේද වෛද්‍ය සභාවට පැමිණිල්ලක් කර තිබුණි. එම පැමිණිලේලෙහි සඳහන් කර ඇත්තේ ධනපාල නම් පුද්ගලයෙකු දේශීය වෛද්‍යවරයෙකු යැයි පෙනී සිටිමින් දැනට ලෝකයට මහත් ගැටලුවක්ව පවතින කොවිඞ් 19 රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් සොයාගත් බවට බොහෝ ජනමාධ්‍ය හරහා ප්‍රචාරණය කරමින් සිටින බවත් අදාල පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසය.

සබැදී පුවත්

RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...