27.8 C
Colombo
Friday, April 26, 2024

කාබනික වගාව අත්හරින්නේ නෑ..! – ඇමති අමරවීර

- Advertisement -

කාබනික වගාව අත්නොහරින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම 70ක් රසායනික පොහොර සහ සියයට 30ක් රසායනික පොහොර යොදා සිදුකර ඇති ගොවිතැන ඉතා සාර්ථක බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා

“වී මිලදීගැනීම සඳහා අපට වී අලෙවි මණ්ඩලයට අපිට ඇත්තටම මුදල් ප්‍රතිපාදනයක් වෙන්කරගන්න තවම අපහසු වෙලා තියෙනවා. මිලියන 8000කට ආසන්න ප්‍රමාණයක අපි වී මිලදීගෙන තියෙනවා. අද දින පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදීත් අපි ඒ ගැන අවධානය යොමුකරනවා. ඒ මුදල් ලබාගන්න පුළුවන් වුණොත් ලැබුණු විගස නැවත ඉහළ මිලකට වී මිලදීගැනීමේ කටයුත්ත අපි සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. මහ කන්නයේ පොහොර ලබාදීම අපි දැනටමත් ඒ පළවෙනි අවස්ථාවට යොදන පොහොර පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට ලබාදීලා තියෙනවා. ඒ වගේම අපි මේ වතාවේ යූරියාවලට අතිරේකව බණ්ඩි පොහොර නැත්නම් MOP කියන පොහොර වර්ගයත් ලබාදෙන්න කටයුතු කරනවා. ඊට අතිරේකව අපි කාබනික පොහොර වගාව සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාබනික වගාව අපි අත්හරින්නේ නෑ. මූල්‍යමය වශයෙන් ගොවීන්ට වවුචරයක් මගින් ලබාදෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යනවා.

කාබනික පොහොර කියන්නේ නරක දෙයක් නොවෙයි. ඒක එකසැරේට ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි ඒකෙ අසර්ථකත්වයක් ඇතිවුණේ. සියයට 70ක් රසායනික පොහොර සහ සියයට 30ක් රසායනික පොහොර යොදලා ක්‍රියාත්මක කරපු වගාව තමයි සාර්ථකම. මේ සැරේ බලකරලා අපි පොහොර දෙන්නේ නෑ.”

මේ අතර, වී සඳහා නිසි මිලක් ලබාදෙන්නැයි ඉල්ලා ගොවීන් පිරිසක් ඊයේ (03) උදෑසන පොළොන්නරුව නගරයේදී විරෝධතාවයක් සංවිධාන කර තිබුණි.

ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සහභාගි වී සිටියේය.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...