27 C
Colombo
Monday, April 29, 2024

පාසල් නැවත ආරම්භයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගැනීමට අගමැති උපදෙස්

- Advertisement -

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

ඒ, පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට, සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

May be an image of one or more people, people standing, people sitting and indoor

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහා ම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම ද ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ලබාගත හැකි බව ද එහි දී ඒ මහතා පෙන්වා දෙන ලදි.

පාසල් නැවත ආරම්භ කිරීමේ දී ඇති වන ගැටලු මගහරවා ගැනීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ ප්‍රකාශ කරන ලදි. රටේ අධ්‍යාපන කලාප 99 උදෙසා ම තම සංගමයේ නියෝජිතයින් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව ඔවුහු පැවසූහ. පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණියේ හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාව දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන් අතර මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබා දීමේ වැදගත්කම ද ලේකම්වරයා පෙන්වා දෙන ලදි.

May be an image of one or more people, people sitting and indoor

ගැබිනි මව්වරුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබා දුන් සහයෝගය මෙහි දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇගයුමට ලක්විය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පාසල් කටයුතු අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන, පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ කමණි ගුණරත්න, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු වන ටී.එල්.පී. සෝමතුංග, මහේන්ද්‍ර ආර්නල්ඩ්, ශාමන් රජීන්ද්‍රජිත්, සුරන්ත පෙරේරා, මහචාර්ය සනත් ළමාබදුසූරිය ඇතුළු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පිරිසක් ද සහභාගී වී සිටියහ.

May be an image of 2 people, people standing, people sitting and indoor

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...