27 C
Colombo
Wednesday, March 19, 2025

වයිට්ගේ අභාවය පිළිබඳව අගමැතිගේ ශෝකය

- Advertisement -

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට්ගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළකර තිබේ.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඔහුගේ හදිසි අභාවයෙන් බෙහෙවින් කණගාටුවට පත්වූ බවයි. වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බවත් කෘතවේදීව සිහිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස සේවය කළ ඒලියන්ත වයිට් ඒ දිනවල මාධ්‍ය තුළ හැඳින්වුණේ “රාජකීය වෛද්‍යවරයා” යනුවෙනි.

ඒලියන්ත වයිට් මහතා අවස්ථා කිහිපයකදීම සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තමන් හට කුණ්ඩලීනි ශක්තිය ඇති බවයි.

ඔහු ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සදහාද සම්බන්ධ වූ බවට මෑතකදී මාධ්‍ය වාර්තා කළා.


RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න – වැඩබලන පොලිස්පති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දුට විවෘත වරෙන්තුවක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු...

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...