33 C
Colombo
Saturday, May 4, 2024

චරිත හේරත් නැවතත් කෝප් කමිටුවේ ලොකු පුටුවට

- Advertisement -

9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා තේරී පත්වී තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) රැස්වූ එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරයින්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ.

අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එය ස්ථීර කරන ලදි.

මහාචාර්ය චරිත හේරත් මහතා 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) අනුව පසුගියදා තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා සාමාජිකයන් පත් කරන ලදි.

ඒ අනුව අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, (ආචාර්ය) සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, ඩී. වී. චානක, ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සුසිල් ප්‍රේමජයන්ත, අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ‍සෙසු සාමාජික මන්ත්‍රීවරු ලෙස කටයුතු කරනවා.

RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...