32 C
Colombo
Monday, May 6, 2024

දියතලාවේ ධාවකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විරෝධය

- Advertisement -

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පවසනවා.

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී ඊයේ පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා පසුගිය සඳුදා(22) පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් දෙදෙනාව අප්‍රෙල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුපර්ක්‍රොස් ධාවකයින් කැඳවා තිබූ හමුවකින් අනතුරුව ඔවුන් මෙම අදහස් පළකර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමයේ අනුශාසක සජාජ් ජුහේර්,

“ධාවන පථය ආරක්ෂාකාරීව සෑදීම සහ නරඹන්නන් කළමණාකරණය කිරීම සංවිධායකයින් සතු කාර්යයක් අපට ඒකෙදි මොකුත් කරන්න බැහැ අපිට කරන්න තියෙන්නේ රේස් කාර් එකේ නැගලා රේස් කරන්න රියදුරන්ව අත්අඩංගුවට ගැනීම හරිම අසාධාරණයි පොලීසියෙන් කියන්නේ කහ කොඩියට අවනත නොවීම කියලයි අපි කහ කොඩිය දැක්කම වේගය පාලනය කරගත යුතුයි එකපාරට කොඩිය පෙන්නුවාට පාලනය කරගන්න බැහැ කලින් කාර්එක පෙරලුන වෙලාවේ රතු කොඩිය යොදන්න තිබුණා කාර් හැප්පුනේ පාරෙන් එළියට ගිහින් නෙවෙයි කාර් හැප්පුනේ ට්‍රැක් එකේදි කට්ටිය ට්‍රැක් එකේ හිටපු එකේ වරදක් මිස රියදුරන් එළියට ගියේ නැහැ ජීවිත නැතිවීම ගැන අපිට හරිම දුකයි මේකට වගකියන්න ඕන රියදුරන් නෙවෙයි වරද කරපු අය වගකීම ගන්න – වෙන අයගේ ඇඟේ යවන්න එපා”


RECENT ARTICLES - SINHALA

සුරාබදු ආදායම ඉහළට

නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම...

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...