රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියෙකු බවට පත්ව ඇතැයි ඇමෙරිකානු නිව්යෝක් පෝස්ට් පුවත්පත අනාවරණය කර සිටිනවා
ඔහුට සැත්කමක් ද කිරීමට නියමිත බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.
සැත්කමට ලක් වන බැවින් ජනාධිපති පුටින් සිය බලතල තාවකාලිකව ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට පවරා ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
ඇමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ බව අනාවරණය කළ අතර ඇමෙරිකානු බුද්ධි අංශ මේ බව දැනගෙන ඇත්තේ රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකුට ලැබුණු රහස් ටෙලිග්‍රෑම් පණිවුඩයකිනි.