33 C
Colombo
Monday, April 29, 2024

පොහොට්ටු ප්‍රභලයන් රැසක් රනිල්ට එකතු වෙනවා – ගුණපාල රත්නසේකර

- Advertisement -

රජයේ වත්මන් හැසිරීම මඩට වැටුණු මිනිසෙක් ඉන් ගොඩ ඒමට දැඟලීමට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර පවසනවා.

ඒ, අද (25) ”නිදහස” ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින්.

ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ විශාල වශයෙන් බදු ආදායම් පහළ දැමූ වරදට සමාන වරදක් ඉතිහාසයේ නොවූ විරූ ලෙස බදු වැඩි කිරීම මගින් රජය සිදුකරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කෙසේවෙතත්, තමන් ඇතුළු 13 දෙනෙකු ප්‍රථමයෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වී විපක්ෂයට එකතු වුවා සේම දැන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුද පොහොට්ටුවේ බිඳ වැටීමක් තිබෙන බවත් හිතා ගැනීමටවත් නොහැකි පොහොට්ටු ප්‍රබලයින් පිරිසක් ජනාධිපතිවරයා සමඟ එකතුවීමට සැලසුම් කරමින් සිටින බවත් ඔහු පවසනවා.

තමන් දිවි ඇති තෙක් යළි දේශපාලනයට එක් නොවන බව මැයි 9 වන දින රාත්‍රියේ ඔහුගේ නිවසට පහර දී ගණි තැබීමෙන් පසුව කළක් ප්‍රවීන උපකාරක පන්ති දේශකයෙකු වූ හිටපු රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර පවසා සිටි නමුත් ඔහු තවමත් ක්‍රියාකාරීව දේශපාලනයේ යෙදෙනවා.

පසුගිය මහ මැතිවරණයේදී වියත්මග සංවිධානය හරහා පොහොට්ටු පක්ෂයෙන් කුරුණෑගල දිසිත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ අතර අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට තරම් සාමාජීය හා දේශපාලන ස්ථාවරභාවයක් රටේ නොමැති බව පවසමින් මැයි 06 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස් විය.


RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...