30.3 C
Colombo
Friday, April 26, 2024

ජන පදනමක් නැති රනිල් අගමැති කළේ රාජපක්ෂලාගේ වුවමනාවට..! – සෝභිත හිමි

- Advertisement -

රනිල් වික්‍රමසිංහ චරිතය ඉදිරියට පැමිණෙන්නේ වෙන කිසිවෙකුගේ හෝ වුවමනාවට නොව රාජපක්ෂවරුන්ගේ වුවමනාවටම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා.

ඒ, පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය පිළිබඳ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී එහි නායකයින් හා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ භික්ෂූන් වහස්සේ පිරිසක් සමඟ පැවති සකචජවෙන් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රනිල් වික්‍රමසිංහ පැමිණෙන්නේ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව සඳහා බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කිසිදු ජන පදනමක් නැති රනිල් වික්‍රමසිංහ වෙත අගමැති ධූරය ලබා දීම ජනතාව අපේක්ෂා කළ වෙනසක් නොවන අතර එම මාළිගා කුමන්ත්‍රණ ජනතාව පිළිනොගන්නා බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පෙන්වා දෙන්නේ.

මෙම සාකච්ඡාව වෙනුවෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි,පූජ්‍ය මහාචාර්ය හොලගන්වත්තේ චන්ද්‍රසිරි හිමි, පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, පූජ්‍ය රජවත්තේ වප්ප හිමි, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ එකළොස්නමක් වැඩමකර සිටියහ.

මෙම සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සකස් කිරීමට යන නව ආණ්ඩුව පිළිගත නොහැකි බවටත් ජනතාවගේ වුවමනාව වෙනුවෙන් එය පරාජයට පත් කළ යුතු බවටත් දෙපාර්ශ්වයම එකඟත්වය ප්‍රකාශ කර ඇත.

RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...