30.3 C
Colombo
Friday, April 26, 2024

‍රේගුවේ සියලු දෙනාව අවශ්‍ය නම් එළියට දානවා! – ජනාධිපති

- Advertisement -

ජනාධිපතිවරයා අද (23) කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවැති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්විය.

ගම සමග පිළිසඳර 7 වැනි අදියර යටතේ වලල්ලාවිට යට්ටපාත ගම්මානයේ ජනතාව සමග සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වලල්ලාවිට යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයට පැමිණ ජනතාව ඇමතීමට කටයුතු කරන ලදි.

එහිදී කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මේ අවස්ථාවේ සිදුවන විරෝධතාවයට තමන්ට පත්වීමට උපකාරී වූ ස්වාමීන්වහන්සේලා පවා සහභාගී වී ඇති බව තමන් දන්නා බවත් මෙය ඉන්දීය ආයෝජනයක් පමණක් බවත් ය.

එමෙන්ම රේගුව සඳහා හමුදා නිලධාරියෙකු පත් කළද රේගුවේ පාලනය තමන්ට අවශ්‍ය ලෙස සිදු නොවන බවත් තමන් ඉදිරියේදී දරුණු තීරණ ගන්නා අතර රේගුවේ සියලුම නිලධාරීන්ව එලියට දැමීමට පවා තමන් සූදානම් බවත් දැඩි ලෙස අවධාරණය කර සිටියා.

ප්‍රතිඅපනයන 66%කටම දායක වන්නේ ඉන්දියාව බැවින් නැගෙනහිර පර්යන්තය සංවර්ධනයෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරික කාර්යය අවබෝධ කොටගෙන ඉදිරි පියවර සැලසුම් කළයුතු බවත් ඔහු පවසනවා.

එමෙන්ම, ආයෝජන වැඩසටහන යටතේ පර්යන්තයේ පරිපාලනය සහ 51%ක කොටස් හිමිකම ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන බවත් ඉතිරි 49%ක කොටස් ආයෝජනයට ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක් ඉදිරිපත්ව සිටින බවත් ඔහු පෙන්වා දෙනවා..

RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...