27.9 C
Colombo
Saturday, April 27, 2024

චීන පොහොර සමාගමේ ඉල්ලීමට ශ්‍රී ලංකාව හා කියයි

- Advertisement -

මෙවර මහ කන්නය සඳහා චීනයේ ක්විංඩාඕ සීවින් බයෝටෙක් ගෘප් ලිමිටඩ් සමාගමෙන් ආනයනය කිරීමට නියමිත නයිට්‍රජන් කාබනික පොහොර සම්බන්ධයෙන් සිදුකළ සිව්වන පරීක්ෂණයෙන්ද ඒවා ප්‍රමිතියෙන් තොර බව තහවුරු විය.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාව වෙත කාබනික පොහොර නැව්ගත කළ චීනයේ Qingdao Seawin Biotech Group Co., Ltd සමාගම විසින් ලිපියක් මගින් කියා සිටියේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් හානිකර රෝග කාරක අඩංගු බවට එහි පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඇති වූ “වරදවා වටහාගැනීම්” තුරන් කිරීම සඳහා තුන්වන පාර්ශ්වයක් මගින් නැවත වරක් පොහොර සාම්පලයක් පරීක්ෂා කිරීමට ඔවුන් “දැඩි ලෙස” නිර්දේශ කරන බවයි.

NPQ Sri Lanka අයතනයට ඇතැම් පරීක්ෂණ ක්‍රමවේද සම්බන්ධව ඇති වැරදි අවබෝධය නිසා ඔවුන්ගේ නිෂ්පාදනය Erwinia මගින් අපවිත්‍ර වී ඇති බවට සැක කරන බවත් එබැවින් ගිවිසුම් ප්‍රකාරව තෙවන පාර්හවයක් වන Schutter Group මගින් නව නියැදියක් පරීක්ෂා කළ යුතු බවට ඔවුන් යෝජනා කර තිබුනා.

මේ වන විට එම ඉල්ලීමට කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යංශය කැමැත්ත පලකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අදාල රාජ්‍ය අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ චීන තානාපතිවරයා අතර අද සිදුවූ හමුවීමකදීයි.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...