30.1 C
Colombo
Friday, April 26, 2024

චීනයට මැණික් පෙන්වන්න ගොස් ඩොලර් 35000ක් අහිමි වීමේ අවදානමක

- Advertisement -

චීනයේ ෂැන්හයි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයට ව්‍යාපාරිකයන් සහභාගී කරවීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් එම ප්‍රදර්ශන කුටි වෙනුවෙන් තැන්පත් කරන ලද ඩොලර් 35,000ක මුදල ව්‍යාපාරිකයන් සහභාගී නොවීම හේතුවෙන් ‍රටට අහිමි වීමේ අවදානමක් ඇති බව දිවයින පුවත්පත වාර්තා කරනවා.

නොවැම්බර් මස 05 සිට නොවැම්බර් 10වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ව්‍යාපාරිකයන් 24 දෙනෙකු වෙනුවෙන් කුටි 12ක් වෙන් කිරීම සඳහා මෙම මුදල අධිකාරිය විසින් තැන්පත් කර ඇත. කෙසේ නමුත් දින 21ක කාලයක නිරෝධායන කාලයක් ගත කළ යුතු බවට චීනය විසින් නියමයක් පැනවීමෙන් පසුව එම ගමන සඳහා ඔවුන් සහභාගී වීමට අකමැත්ත පලකර ඇත.

මෙම නියමය සම්බන්ධයෙන් තමන්ට පූර්ව දැනුම්දීමක් නොකළ බවත් ඒ හේතුවෙන් අයෙකුට ලක්ෂ 8ක පමණ අමතර වියදමක්ද දැරීමට සිදුවන බවත් ඔවුන් විසින් පෙන්වා දී ඇත.

මේ වන විට ව්‍යාපාරිකයන් 20 දෙනෙකු සිය අකමැත්ත ප්‍රකාශ කර ඇති බවත් එසේ අකමැත්ත ප්‍රකාශ නොකළ ව්‍යාපාරිකයන් පවා කුටි සඳහා මුදල් ගෙවා නොමැති බවත් විශාල මුදලක් වැයකර සහභාගී වූවත් එහි ප්‍රතිඵලයක් තිබේද නැද්ද යන්න පවා අවිනිශ්චිත බවත් ව්‍යාපාරිකයෙක් පැවසූ බව පුවත්පත වාර්තා කර සිටිනවා.

මැණික් අපනයනයේදී අයකළ බදු මුදල මෑතකදී අඩකින් අඩු කිරීම නිසා අධිකාරියට විශාල බදු මුදලක් අහිමිව ඇති මොහොතක ත්වත් ඩොලර් 35,000ක් අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවත් එම මුදල ලබා ගැනීමට අධිකාරිය උත්සහ ගනිමින් සිටින බවත් දිවයින වාර්තා කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...