28 C
Colombo
Saturday, July 27, 2024

යුක්‍රේන සංචාරකයන් නිසා දේශීය සංචාරකයන්ට තහංචි

- Advertisement -

හෙට (04) සහ අනිද්දා (05) දිනයන්හී මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුව හා සීගිරිය සංචාරක කලාපයන්හී ස්ථාන කිහිපයක සංචාරයේ නිරතවීමට නියමිත බැවින් අදාල ප්‍රදේශ දේශීය සංචාරකයන් හට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල නිවේදනය කරනවා.
ඒ අනුව යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුව පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළදා මළුව, ශිව දේවාල (අංක 02), රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර, ගල් විහාරය, තිවංක පිළිම ගෙය, නෙළුම් පොකුණ යන ස්ථාන හෙට (04) දිනයේ නැරඹීමට නියමිතයි.

එමෙන්ම පසුදා (05) සීගිරිය සංචාරක කලාපය නැරඹීමට ඔවුන් පැමිණීම හේතුවෙන් සීගිරිය දහවල් 12 දක්වා දේශීය සංචාරකයින් හට විවෘත නොකෙරේ.
මෙම යුක්‍රේන සංචාරකයින් ඉදිරි දින කිහිපයේදී දඹුල්ල හා මහනුවර සංචාරක කලාප තුළද සංචාරය කිරීමට නියමිත බවද මධ්‍යම සංස්කෘතික අරමුදල නිවේදනය කරනවා.
කෙසේ වෙතත් ඊයේ (02) දිනයේ යුක්‍රේන සංචාරකයින් යාල වනෝද්‍යානයේ සංචාරයේ රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් මේ වන විට දින 14 ක නිරෝධායනයට යොමු කර තිබෙනවා.
යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයින් 06 දෙනෙකුටද මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටිනවා.


RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...