32 C
Colombo
Friday, March 31, 2023

ඉදිරි සතියේ විදුලි කප්පාදුව අඩු වන ලකුණු

- Advertisement -

හෙටින් (29) ආරම්භ වන සතියේ දී විදුලිය කප්පාදු කෙරෙන කාලසීමාව අඩු කිරීමට අවස්ථාව පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ, හදිසියේ අක්‍රිය වු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ඊයේ (27) දිනයේ ජාතික පද්ධතියට එක් කිරීමත් සමඟ පවතින තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින්.

පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වීම සහ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් හේතුවෙන් නවතා දැමීම හේතුවෙන් පසුගිය 15 වනදා සිට මේ දක්වා දිනකට පැය 3 ක කාලයක් විදුලි කප්පාදුවක් කෙරුණා. ඒ සමග විදුලි කප්පාදු කාලයේ අඩු වීමක් සිදුවන්නේද යන්න පිළිබඳව දැනුම් දෙන ලෙසයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ විදුලිය කප්පාදු කෙරෙන කාලසීමාව සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන බවයි. විදුලිබලය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රමාණය හා ජල විදුලි බලාගාර පිළිබඳ තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම වෙත දැනුම්දීමට පියවර ගන්නා බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනී සඳහන් කළේ.


RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...