27 C
Colombo
Monday, April 29, 2024

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

- Advertisement -

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ පක්ෂයක් වහ්සයෙන් ගත යුතු මාර්ගය කුමක්ද යන ප්‍රශ්නය මතයි.

පොදු ජන පෙරමුණේ එක් පිරිසක් එම පක්ෂය තුළින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරය දරන අතර තවත් පිරිසක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතුය යන ස්ථාවරය මත කටයුතු කිරීම මෙම බෙදීමට හේතු වී තිබෙනවා.

මේ අතර,  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් මේ මොහොතේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විය යුතු බවට, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබුණා

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය සඳහා තරඟ වැදිය හැකි මට්ටමේ අපේක්ෂකයෙකු පොදු ජන පෙරමුන පක්ෂයේ මේ අවස්ථාව වන විට නොසිටින බැවින් එම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතු බවයි.

ඔහු හා සමානවම, ආණ්ඩුව තුළ වගකීම් දරන පොහොට්ටු පක්ෂ සාමාජික අමාත්‍යවරු කිහිප දෙනෙක්ම මෙම ස්ථාවරය දරන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, නාමල් රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට පත් කිරීමේ තීරණයද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් විවේචනයට ලක් කර තිබෙනවා.

පසුගිය දා පොහොට්ටු පක්ෂයේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේ දී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය පැන නැගී ඇති අතර  තවමත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර නැති බැවින් ඒ පිළිබදව දීර්ඝ සාකච්ඡාවක් සිදු වී නැහැ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...