30.3 C
Colombo
Friday, April 26, 2024

සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නන් සොයා පොලීසියෙන් විශේෂ මෙහෙ‍යුම්

- Advertisement -

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා විශේෂ මෙහෙ‍යුමක් ක්‍රියාත්මක කළ බව පොලිසිය නිවේදනය කරනවා.

නිවේදනයේ සදහන් වන්නේ බස්‍ රථවල ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම, මුඛ ආවරණ පැළඳීම, වායු සමනය කළ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් හා වෙළෙඳසැල් තුළට ඇතුල්විය හැකි ගනුදෙනුකරුවන් සීමා කිරීම මෙන්ම ඒ සඳහා දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේද යන්න පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ මූලික අරමුණ බවයි.

ඊයේ (14) දහවල් 12 සිට දහවල් 2 දක්වා ක්‍රියාත්මක වූ මෙම විශේෂ මෙහෙයුමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස් රථ 318 ක් හා වායු සමනය කළ බස් රථ 65 ක රියදුරන් ට සහ වෙළෙඳසැල් හිමියන් 205 කට පොලීසිය විසින් අවවාද කර ඇති බව නිවේදනයේ සදහන්.


RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...