25 C
Colombo
Saturday, December 9, 2023

ශ්‍රි ලංකාව අසාදුලේඛනගත වේ

- Advertisement -

මානව හිමිකම් ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් සිරගත කිරීම, පීඩාවට පත් කිරීම හෝ රජයේ ඔත්තු සේවාවන්වල නිරීක්ෂණයට ලක්කිරීම යන හේතූන් මත, මානව හිමිකම් කඩකිරීම යටතේ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193ක් අතරින් අසාදු ලේඛනගත කළ රටවල් 42ක් අතරට ශ්‍රී ලංකාවත් එකතු වී ඇති බව මෑතකදී නිකුත් කළ වාර්තාවක සඳහන්ව ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවෙහි, මානව හිමිකම් කඩකිරීම්වලට ගොදුරු වූවන්, මානව හිමිකම් ආරක්ෂකයින් හා මාධ්‍යවේදීන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ පළිගැන්වීම්වලට හා බියගැන්වීම්වලට ගොදුරු වූ ආකාරය විස්තර කර තිබෙනවා.

මීට පුද්ගලයින් රදවා තබා ගැනීම, නීති මගින් ඉලක්ක කිරීම සේම මාර්ගගතව හා වෙනත් ක්‍රම මගින් නිරීක්ෂණය කිරීම ද ඇතුළත් වී ඇතැයි වාර්තා වී තිබෙනවා.

“මානව හිමිකම් සම්බන්ධයෙන් එකසත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කළ හෝ කිරීමට උත්සාහ ක ක්‍රියාකාරීන් ද පීඩාවට ලක් ව තිබේ. වාර්තාවේ නම් කර ඇති රටවල් තුනෙන් එකක, පුද්ගලයින් හෝ කණ්ඩායම් පළිගැනීම්වලට බියෙන් සහයෝගය ලබා දීමෙන් වැළකී සිටීමට හෝ නිර්නාමිකව වාර්තා කිරීමට පමණක් එකඟ වූහ..” එක්සත් ජාතීන්ගේ වාර්තාවෙහි සඳහන්ව තිබේ.

මෙම වාර්තාවට අනුව 2021 මැයි 1 සිට 2022 අප්‍රේල් 30 වෙනිදා දක්වා කාලයේදී මානව හිමිකම් කඩ කළ රටවල් 42ක් නම් කර ඇති අතර ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, බහරේන්, බංග්ලාදේශය, බ්‍රසීලය, සයිප්‍රස්, චීනය, කියුබාව, මියන්මාර්, ඊජිප්තුව, පලස්තීනය, තායිලන්තය, වෙනිසියුලාව වැනි රටවල් ඒ අතර වේ.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...