27 C
Colombo
Monday, April 29, 2024

ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු

- Advertisement -

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබෙන යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඊයේ (11) අවධාරණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනී හිමාලි අරුණතිලක මහත්මිය ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ මේ බව අවධාරණය කර සිටියා.

ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිය අමතමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා නිකුත් කළ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එහි නියෝජ්‍ය මහ කොමසාරිස් අල් නෂීෆ් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා තානාපතිනිය අදාළ ප්‍රකාශය සිදු කර තිබුණා.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන 51/1 යෝජනාවට අදාළ සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය පිළිනොගන්නා බවත් ඊට කිසිඳු සහායක් නොදෙන බවත් 46/1 සහ 51/1 යෝජනා ශ්‍රී ලංකා රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර ඊට අමතරව ලිඛිත වාර්තාව ද ප්‍රතික්ෂේප කරන බව ඇය පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා තානාපතිනිය තවදුරටත් පෙන්වා දී ඇත්තේ එම ලිඛිත වාර්තාවේ අන්තර්ගතයන් තුළින් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පෙන්නුම් නොකරන බවයි.

එමෙන්ම ආර්ථික, මූල්‍ය සහ සමාජ ස්ථාවරභාවය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන බවද ඇය සඳහන් කර තිබුණා.

ශ්‍රී ලංකා තානාපතිනිය  මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දේශීය යාන්ත්‍රණයක් තුළින් මානව හිමිකම් සහ වගවීම් පිළිබඳ ශ්‍රී ලංකාව ප්‍රගතියක් කරා ගමන් කරන බවයි.

එමෙන්ම, නව රජයේ දැක්ම සහ සංහිඳියාව ඇති කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද නැවත පදිංචි කරවීම, 13 වැනි සංශෝධනය සහ උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධව ද එහිදී අවධානය යොමු කළ බවත් ඇය පෙන්වා දී තිබුණා.

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේ මේ උත්සාහයන් සාර්ථක කර ගැනීමට බව ද මානව හිමිකම් කවුන්සලයේ වාර්තාවට දුන් ප්‍රසිද්ධිය මෙන්ම ශ්‍රී ලංකා රජයේ මේ ප්‍රතිචාරයටත් ප්‍රසිද්ධියක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා තානාපතිනිය ජගත් මානව හිමිකම් කවුන්සලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...