29.3 C
Colombo
Tuesday, April 30, 2024

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන එක්දි​න තරඟ​ය අද

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (13) පැවැත්වෙනවා.

එ​ය දිවා රාත්‍රී තරඟය​ක් ලෙස මෙරට වේලාවෙන් පස්වරු 5.30ට කිම්බ්ලිහිදී පැවැත්වීමට නියමිතයි.

තර​ඟ 03කින් සමන්විත එක්දින තරඟාවලි​යේ 09 වැනිදා පැවති පළමු තරඟ​ය වර්ෂාව හේතුවන් අත්හැර දැමීමට සිදු වුණා.

මෙ​ම තරඟාවලි​ය ICC කාන්තා ශූරතාවලියට ඇතුළත් බැවින් තරඟාවලි​යේ ජය වඩා වැදගත් වී ඇත්තේ ශ්‍රී ලංකා පිලටයි.

ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ පසු වන්නේ තර​ඟ 16කින් 4ක් පමණක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12ක් සමඟින්. ‍

මෙ​ම තර​ඟ දෙක ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වුවහොත් ලකුණු 16ක් සමඟ 5 හෝ 6 වැනි ස්ථාන වෙත ළඟාවීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව තිබෙනවා.

කෙසේවෙතත් මෙවර සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාව​න් දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු විස්සයි20 තරඟාවලි​ය ජය වාර්තා කළ අතර, එම ජයග්‍රාහී මානසිකත්වයෙන් එක්දින තරඟාවලිය​ත් ජය ගෙන ඉතිහාසයේ නව පිටුවක් පෙරළීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වී තිබෙනවා.

දෙපිල අතර තෙවැනි සහ අවසන් එක්දින තරඟ​ය 17 වැනිදා පොච්ෆ්ස්ට්රූම්හිදී පැවැත්වීමට නියමිතයි.


 

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

විදුලි බිලට ලොකු සහනයක්

විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ උමා ඔය ව්‍යාපෘතියෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...