ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයින් හට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය සඳහන් කරනවා.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවයි.
එමෙන්ම කොවිඩ් 19 රෝගයෙන් මියයන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදුකිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද ඇයගේ සටහනෙහි දැක්වෙනවා.

මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ‍්‍රී ලංකාවේ කොවිඩ් මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට අවශ්‍ය පසුබිම සලකා බලමින් සිටින බවයි.
මේ අතර කොවිඩ් 19 ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් ආදාහනය කිරීමට එරෙහි විරෝධතාවයක් බේරුවල නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (16) සිදු කළා.
බේරුවල නගර සභාව ඉදිරියේ දී නිහඬ විරෝධතාවක යෙදෙමින් ඔවුන් සඳහන් කළේ රටවල් 184 කොවිඩ් මෘතදේහ භූමිදානය කිරීමට අවසර දී තිබියදී ලංකාවේ පමණක් ඊට අවසර ලබාදී නොමැති බවයි.
එමෙන්ම මුස්ලිම් ජාතීන්ගේ මෘතෙදේහ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නැයි ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද මෙහිදී ඔවුන් සදහන් කළා.