27.8 C
Colombo
Friday, April 26, 2024

ඇඳිරි නීතිය කඩ කරනනන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා..! – ජනපති

- Advertisement -

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරනනන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ, කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි.

මෙම කාල සීමාවේදී දේශීය ඖෂධ ග්‍රාමීය සහ නාගරික මට්ටමින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී ජනපතිවරයා උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම, අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු මස 30 වන සඳුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් බවයි පැවසෙන්නේ. එමෙන්ම, සැප්තැම්බර් 01 දාට පෙර ඔවුන් එන්නත්කර අවසන් කරන ලෙසත් ජනපතිවරයා නොයෝග ලබාදී තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත 23 සඳුදාදිනට පෙර වාර්තා කළයුතු වන අතර 1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයටකතා කිරීමෙන් ලියාපදිංචි වීමේ පහසුකම ද සලසා තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කෘෂිකාර්මික, ඇඟලුම්සහ ඉදිකිරීම්කර්මාන්ත, අපනයන කර්මාන්ත,ඖෂධ අළෙවි සැල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හාගුවන් තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...