29 C
Colombo
Thursday, May 16, 2024

පොලිසියෙන් පහර කෑ තරුණයෙකුට සැත්කමක් කරන්න වෙලා

- Advertisement -

මැදවච්චිය පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකු සිදුකළ බව කියන පහරදීමකින් තරුණයෙකුට සැත්කමක් සිදුකර තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ බීමත්ව සිටි මෙම තරුණයා අණනොතකා තම රථය ධාවනය කර ඇති බවයි.

මැදවච්චිය තුලාවේලි ගම්මානයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණයෙකු සිය ලොරි රථය ධාවනය කරමින් සිටියදී මැදවච්චිය පොලිස් නිලධාරීන් එය නතර කරන ලෙසට අණකර තිබුණා.

පොලීසිය පවසන්නේ තවත් තරුණයෙකු සමග මෙම රථය ධාවනය කළ තරුණයා පොලිස් නිලධාරීන් පසුකර ගොස් ඇති බවයි.

කෙසේවෙතත් තමන් පොලිස් නිලධාරීන් නුදුටු බව අදාළ තරුණයින් පවසා තිබුණා.

අනතුරුව, ලොරි රථය පසුපස හඹා ආ පොලිස් නිලධාරීන් එය නතර කර තිබෙනවා.

පසුව එම ස්ථානයට තවත් නිලධාරීන් පිරිසක් පැමිණ මෙම තරුණයන්ට පහරදුන් බවයි ඔවුන්ගේ ඥාතීන් කියා සිටිනවා.

පසුව රථය ධාවනය කළ රියදුරා මැදවච්චිය රෝහලට ඇතුලත් කෙරුණු අතර එහිදී තත්ත්වය බරපතළ වු බැවින් මෙම තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ශල්‍යකර්මයකින් ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත් කෙරුණා.

කැබිතිගොල්ලෑව පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

තාත්තා සිහි කරන්න කෞතුකාගාරයක් අපි ඉල්ලුවේ නැහැ – අමන් අෂ්රෆ්

තම පියා ඉටු කළ සේවය අගය කරමින් ‘අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්’ ඉදිකිරීමට තමා හෝ තමාගේ මව කිසිදු ඉල්ලීමක් නොකළ බව පවසමින් එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ පුතු...

අධි රුධිර පීඩනය සහිත රෝගීන් ඉහළට

මෙරටින් වාර්තා වන අධි රුධිර පීඩන සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරිල්...

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් 1000ක ව්‍යාජ මුදල් නෝට්ටු 09ක් ළග තබාගත් සැකකරුවෙකු වීරකැටිය - මැදමුලන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. පොලිසිය පවසන්නේ, තංගල්ල...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...