33 C
Colombo
Saturday, May 4, 2024

දෙවියන්ගෙන් ආහාර යදින්නැයි තලේබාන් අගමැති ඇෆ්ගනිස්තාන ජනතාවට කියයි

- Advertisement -

මාස ගණනක නිහැඩියාව බිදිමින් පළමුවරට ඇෆ්ගනිස්තාන ජනතාව ඇමතූ එරට වැඩබලන අගමැති මොහොමඩ් හසාන් අකුන්ද් ජනතාවට අවශ්‍ය ආහාර දෙවියන් යැද ඉල්ලා ගන්නයි සදහන් කර තිබේ.

අගමැතිවරයා ජනතාව හමුවේ අදහස් නොදක්වන බව පවසමින් ඔහුට එරෙහිව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දරුණු විවේචන එල්ල වෙමින් තිබිණ.

එම නිහඩතාවය බිදිමින් පසුගියදා ඇෆ්ගනිස්තාන ජාතික ගුවන් විදුලිය සහ රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ අගමැති මොහොමඩ් අකුන්ද් සදහන් කළේ තලේබාන් සංවිධානය කිසිවිටක ජනතාවට ආහාර ලබාදෙන බවට පොරොන්දු නොවූ බවයි.

හිටපු අගමැති අශ්රෝෆ් ඝානි අන්ත දූෂිත පාලනයක නිරත වී ඇති බවට මෙහිදී චෝදනා කළ අගමැති අකුන්ද් එහිදී රැස්කරගත් ධනය ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් බව ද පැවසීය.

ඔහු තවදුරටත් සදහන් කළේ පැවති පාලනයේ පරිපාලන සහ මිලිටරි සාමාජිකයන්ට පොදු සමාවක් පිරිනමන බවයි.

කෙසේවෙතත්, එම සමාව අපරාධ සිදුකළ අයට අදාළ නොවන බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අදහස් පළකළ අගමැති අකුන්ද් ,එහිදී කියා සිටියේ ඉස්ලාමීය නීතියට අනුව එම අයිතිවාසිකම් හිමිවනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...