30.1 C
Colombo
Friday, April 26, 2024

මිත්තනියට නොසැලකූ නවක නිළි ටනාෂා හතරසිංහට වැඩ වරදියි

- Advertisement -

නවක රංගන ශිල්පිනියක්වන රුචිනි තනාෂා හතරසිංහ දේවගේ යන අයගේ මිත්තණිය හට අකාරුණිකව, අකෘතඥතාවයෙන් හා ගුණමකුව සලකා ඇති බවට කොළඹ දිසා අධිකරණය අද (15) තීන්දු කළා.

තම ප්‍රාණ භුක්තිය තබාගනිමින් දේපල පවරා දුන් මිත්තණියට ආදරය කරුණාව නොදක්වා සැළකීම මත රුපියල් මිලියන 5 ක වන්දියක්ද, මිත්තනියට අයත් දේපල නීත්‍යානුකූලව පවරා දෙන තෙක් මාසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක්ද මිත්තණියට ගෙවන ලෙසට තනාෂා හතරසිංහ මහත්මිය හට දිසා අධිකරණය නියෝග කරනු ලැබූවා.

හැත්තෑ දෙහැවිරිදි ජයන්තී පෙරේරා නැමැති මිත්තණිය විසින් ඇයගේ මිනිබිරිය වන තනාෂා සතරසිංහට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

දේපළ පවරා දුන් මිත්තණියට අකාරුණික වූවා පමණක් නොව, අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දීමේදී පවා කිසිදු ගරු සරුවක් නොමැතිව කතා කර ඇති බව දිසා විනිසුරුවරිය සිය තීන්දුව මගින් පෙන්වාදී තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරිය සදහන් කළේ ආදරය, කරුණාව දක්වා කෘතඥ පූර්වකව රැක බලා ගැනීම වෙනුවට ආකාරුණිකව,ගුණමකුව හා අකෘතඥතාවයෙන් සැලකීම පැමිණිල්ල මගින් මනාව ඔප්පු කර ඇති බවයි.

තනාෂා හතරසිංහ මහත්මියගේ මිත්තණිය විසින් 2016 වසරේදී මෙම නඩුව පවරා තිබූ අතර නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වනු ලැබූවා.

1972 වසර සිට කොළඹ – කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ සිය දරු දැරියන් සමග ජීවත් වූ ජයන්ති පෙරේරා මහත්මිය සිය පවුලේ කුළුඳුල් මිණිබිරිය වන තනාෂා සතරසිංහ යන අය හට 2010 වසරේදී ප්‍රාණ භුක්තිය තබා ගනිමින් අදාළ දේපළ පවරා දී තිබෙනවා.

දේපල පවරා දීමට පෙර මිත්තණිය සමඟ කුලුපගුව සිට ඇති විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නිවසේ වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බවත්, ඉන්පසුව මිත්තණිය සිටීද, නො සිටී ද, යන්න පවා සොයා බැලීමට කාරුණික වී නොමැති බවත් පැවසූ නීතිඥවරයා අඩුම තරමේ දුරකතන ඇමතුමක් හෝ ලබාදී නොමැති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

එහිදී අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් තනාෂා සතරසිංහ මහත්මිය සදහන් කර ඇත්තේ,
“ආච්චි හෘද රෝගයෙන් පෙළෙන බව දන්නෙ නෑ. රෝගයකින් පෙළෙන බවට ආච්චි කිව්වා නම් හරි,අවශ්‍ය නම් ඇය ට ප්‍රතිකාර ගන්න මුදලක් දෙන්න පුළුවන්,මේ නඩුව දානකම් ආච්චිව දැක්කෙ නෑ මේ නඩුව දානකම් ආච්චිව හමු වුණේ නෑ ” ලෙසයි.

දෙපාර්ශවය සාක්ෂි හා කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරිය පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බවත් , විත්තිකාර මිනිපිරිය ස්තුති පූර්වක හැඟීමකින් කටයුතු කර නැති බවත් සඳහන් කරමින් නඩු තීන්දුව ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...