33 C
Colombo
Saturday, May 4, 2024

තෙල් නැති බව දැන දැනත් හමුදාවෙන් ටෝකන් බෙදලා

- Advertisement -

අද දිනයේ පටන් සියලුම ඉන්ධනහල් අසළ රැදී සිටින පුද්ගලයන් හට ත්‍රිවිධ හමුදාවේ මාර්ගයෙන් ටෝකන් පතක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

ඒ අනුව අද දිනයේදී යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවුක හමුදාව මැදිහත්ව බොහෝ ඉන්ධන පිරවුම්හල් අසළ රැදී සිටි පුද්ගලයින් හට ටෝකන් පතක් ලබාදී ඔවුන්ගේ පෞද්ගලික විස්තර ලබාගෙන එම පුද්ගලයන්ව පෝලිමෙන් ඉවත්කොට නිවෙස් බලා පිටත්කර හැරියේ ඉන්ධන තොග ලැබෙන ඉදිරි දින කිහිපයේදී ඔවුන්ට ඒ බව දැනුම්දීමේ පොරොන්දුව මතයි.

කෙසේ වෙතත් රජය අද නිවේදනය කළේ කැබිනට් තීරණයක් මත ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් කිසිදු පුද්ගලයෙකු හට ඉන්ධන ලබා නොදෙන බවයි.

අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළ ආකාරයට ටෝකන් ලබාදීමේ ක්‍රමය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන් රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීයි.

ඒ අනුව තවදුරටත් සති ගණනාවකටම ඉන්ධන ලබාදීමට නොහැකි බව දැන දැනම මහජනතාවට ටෝකන් පතක් ලබාදී ඔවුන්ට බලාපොරොත්තු එක්කොට පෝලිමෙන් ඉවත්කිරීම ජනතාව නොමඟ යැවීමක් බවට ඉන්ධන පාරිභෝගිකයන් චෝදනා කරනවා.

ටෝකන් ලබාගැනීමේ අරමුණින් අද දින ඉන්ධන පිරවුම්හල් අසළ වෙනදාටත් වඩා පුද්ගලයින් ඒකරාශී වූ බැවින් එය පාලනය කරගත නොහැකි තත්ත්වයටම පත්ව තිබුණා.

මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසන්නේ අදාළ ටෝකන් පත් නිකුත් කිරීම ඉන්ධන පිරවුම්හල් කළමනාකාරීත්වය මඟින් සිදුකරන බවත් යුද හමුදාව සහ පොලීසිය එම කටයුතු සඳහා සහාය දැක්වීමක් පමණක් සිදුකරන බවත්ය.


RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...